Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නපුරු සීපා සතුන්
බියකරු රැඟුම් පා ගිය පසු
තැතිගත් සිතින් ඔබ සැම සිටින විට
සැනසුමක් පහසුවක් දෙන්නට
මම පැමිණියෙමි කරළියට ඊළඟට
නියම කර ඇති පිළිවෙළට

බකල ගමනින් මිටියට මිටියේ
හරි හැටි මැදට එන්නටත් පළමුව
සිනහව අරඹති ඔබ සැවොම
අත්තල නගා එබී බල බලා

මම පැමිණෙමි ලිස්සා යමි
යළි නැගිටිමි, ලැජ්ජා සිනා පාමි
කඹයට ගොඩ නගිමි
කරණමකට සැරසෙමි
පය පැකිල ඇද වැටෙමි
මහ උදරය උඩුබැලි අතට සිටින සේ
බැරි විකුම් නොයෙක පාන්නට ගොස්
නොහැකිව විලිබරව
පානෙමි ඔබ වෙතට

සිනහවක් මෝඩ
අත නොහැරම
ඇලී පවතින වත පුරා

ඒ විගසම ඔබ
මහ මුහුද කැළඹුණු පරිද්දෙන්
හෝ ගා මහ හඬින්
සිනහ පාලා
තුටු පහටු වන විට
යන්නට කල සරිය මට
සැබෑ විකුමන් පාන්නට ඉඩ දී

ලුහු බඳින විට දී
රැව්දෙන සිනහ හඬ
මා පසුපස
කැළඹුණ බොර දිය පහරක් සේ

මම වදිමි
වැසිකිළියට
අඬමි

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails