Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නෙත් නොලද අන්ධකාරයක
ගොළු නිහඬතාවය මැද
දෙසවනින් බෝ දෑ දකින ඇහිඳින
කේවල මිනිසකු විය
කුටියේ කවුළු දොර අස

ඈතට ඈතට දිවෙන
වන තුරු වදුලු බෝ මැදින්
ඉඳහිටක මතුවී මියෙන
එකම ගීතයක් විය
ඔහු විඳින

දුලන නෙක තරු රැස නොදුටු
දෝමනස්සය කැටිවුණු
සඳ පෙරන පිනි කඳුළක්
තුරු පතක් අගින් ගිලිහී
අනුනාද දෝංකාර පා
විල් දියෙන් නැගිටියි

සම සම කාල අන්තර
තුළ නැගෙන එකම
තියුණු සර
කමටහන් නැතුව ම
නවගුණවැලක් නැතුව ම
මාර්ග ඵල තනයි

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails