Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උනා ආදර මුදුව
ගසා රිදවා රුදුව
හලා හල යැයි කියා හැර ගියේ
කිම් ද මා නිරින්දූ
රැන්දු මණි‍මේඛලා
අන්ධ වී දෝ අරුචි වී ගියේ

ගයා ආදර ගී ම
පෙමාතුර ‍කොවුලාන
ආතුරව වතුර ඉල්ලා හඬයි
සොයා පෙම මා තුළ ම
වෙහෙස වූවා ද නුඹ
සදා සඳ අහස වුව නො දරයි

සරා තුඟු සිරුර මැද
සොයා ගිය පුම සුවඳ
දුබල සිත ඉරිසියා‍වෙන් පුරයි
අලුත් ඉඳුවර විලක
ශෘංගාර මකරන්ද
අරන් ගෙදර ම ඇවිත් සිත කියයි

හදවත ම එහි සිතා
නිම්නයේ හිස ගසා
වැලපි වැලපී හැඬූ සිඟන්නී
ස්නේහයේ ඇඟිලි තුඩු
තුන් ඉරිම පිරිමදී
තුන් රැයේ තුන් සිහින දකින්නී

අනුරාග රති සලිල
සිහිල ඉල්ලූ නුඹට
නොදුන්නා වීද පැන් සනහලා
සිතපුරා හැම කලා
මවක සෙ‍නෙහස තිබුණි
වරද කොහි වෙද කියන් ‍පෙම්බරා

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails