Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තරු පහේ හෝටලය සිහි කරයි
රෝහලේ කාමරය
සුව පහසු තොටිල්ලේ මගේ මුණුපුරු නිදයි
සැටි පුටු ද ඇඳවල් ද මනරම්ය මනරම්ය
සීතකරණය ඇතුලෙ මුදු සුවඳ රස බීම

ලේලියගෙ සිනිඳු අත් මගේ අත් වැළඳගෙන
මුදු සුමදු ගීතයෙන් සතුටුයි ද විමසද්දි
සිනාසෙන මපුතු ඇස් යොමුව ඇත මා දෙසට
මගේ හද තුලට යන පුතුගෙ නෙතු වළකමින්

සිනා සපිරුණු මුවින් සුවඳ වත්සුනු සමග
හුරු පුරුදු මව් බසට තව බසක් මුසු කරන්
පැමිණී ඒ මිතුරු කැල
වෙන් කලා පුතු මගෙන්

ධූලි පොලවට ඉහළ සී මැදුරු කවුලුවෙන්
බිම බැලිමි හැඳින්නෙමි සුව පහසු වාහනේ
පුතුට රජු ලබා දුන්
සිය වසක් පැරණි වූ අඩ වසක් අලුත් වූ

නහය හකුලූවාලු ගිලන් හල ඇඳ මතදි
කටුක බස් අස අසා මෙලොව සපැමිණි පුතුනි
අදත් ඒ ඇඳ මතම
කටුක බස් අස අසා බිළින්දන් ළෙහි හොවා
මව්වරුන් සිටින බව දන්නවද මයෙ පුතේ

ගල් කොරියෙ වැඩ ඇරී ගෙදර ආ උඹෙ පියා
බත ඉදෙන තුරු එදා කිවු කතා අමතකද
සඳ පහන් ඇති රැයක
කතා කිවු අපේ සඳ පැහැර ගත් සුනඛ රැළ
උඹට අමතක වීද

එකම දම් ආසනේ එකට බණ පද අසා
එකට අපි නිවන් යමු
මෙත් සිතින් දම් දෙසුව මහවැලියෙ පාව ගිය
පොඩි සාදු දුන් ඔවා උඹට අමතක වීද

දුකේ දුක වළඳමින් අපමණ වු වෙහෙසකින්
උඹට ශිල්පය දුන්නෙ
දිව්‍ය රථ, මාළිගා, රජ බොජුන් වළඳන්න
නොවෙයි මා පුතණුවෙනි

සෑම මව් කෙනෙකුටම- දයාබර පුතකු වූ
සියලු දූ දරුවන්ට- දයාබර පියකු වූ
සඳ පහන් ඇති රැයේ පැහැර ගත් අපේ සඳ
පැතූ ලොව වනසන්න
දැන දැනම කැස කවන
සුනඛ කැනහිල් රෑන
පිරිවරා
උඹ ලබන ප්‍රීතියට
උඹ මගේ පුතු උනත්
කෙසේ ආවඩන්නද

මර්ලින් චන්ද්‍රරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails