Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කෙනෙකු මේ තරම්
පසු බසින්නේ කලාතුරකිනි
පසු බැස්ස ද වහා දිරි වඩා ගෙන
ඉදිරියට යයි
නමුත් මම බෝ කලෙක සිට
අන්තිම පේළියේ
අන්තිමයා ව සිටිමි

හරි අපූරු තැනකි
මේ අන්තිම පේළිය
අලූතින් ම ඇස් යුවළක් ලැබෙන

දේශනය ඇරඹෙයි
ඉදිරි අසුන්වල
බොහෝ දේ සිදු වනු දැන් මට පෙනෙයි

අයෙක් පැමිණෙත් පසුපස දොරෙන්
අසන්නන්ට නො පෙනෙයි
දේශකයා දුටුවත්
ඔහු අහක බලා ගනියි
අයෙක් ළං ළං වී කටු කුටු ගාති
ප‍්‍රශ්නයක් ඇසීමට
නැගී සිටි කල එකෙක්
පසුපස එකා අදියි පුටුව පස්සට
කොළ කැබැලිවල ලියා
ගොනා බූරුවා ඈ නම්
පස්ස පැත්තේ එල්ලයි ඔහුට නො පෙනෙන්නට
ඉදිරියේ සිටින්නා ගේ
පිට කසයි තවෙකෙක්
සිඹියි කෙල්ලකගෙ අත
කපන්නට බැරි තැන විය යුතුය

සැම බලා හිඳින්නේ ඉදිරියයි
අන්තිමයාට ඉදිරියට එන්නට
කිසිවෙක් කතා නො කරයි
කිසිවෙක් පසුපස නො බලයි
ඔවුනට අන්තිමයා නො පෙනෙයි
ඒත්
බොහෝ දේ දැකිය හැකි
ඇස් ඇත්තෙ අන්තිම පේළියෙයි

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails