Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍ය ගුණයෙන් පිරි බසක් ඇති, විචක්ෂණශිලී මනසක් ඇති, විශ්ලේෂණාත්මක සවනක් ඇති, වෙනස් වන ලොවට හෘද සාක්ෂියට නව අත්දැකීම් එකතු කරන්නෙක්, නව්‍යකරණය තුළ තම මං සලකුණ තැබුවෙක්, අනාගතයට අවබෝධයෙන් යුතුව නිදහසේ පිය මනින්නෙක්, දිනෙන් දින පෝෂණය වු බස මනාව හසුරවන්නෙක්...., ඔහු නමින් චාමින්ද රත්නසූරියයි.

මීට වසර 10 කට පමණ දුරුතු දිනෙක මේ බිමෙහි සුවහසක් මාහැඟී රසික පිරිසට සැබෑ ගීතය නොහිත් පිපාසයෙන් සෙවු මොහොතක ඩැෆඩිල් මල නමින් ගීතයක් බිහි වේ. සම්ප‍්‍රදායික ගීත රචනා කලාවේ හැඩය ගත්ත ද තනුවට අනුව ලියැවුණු මේ රචනාව තුළ රසික සිත් කොතරම් ඇඳ බැඳ තැබුවේ ද යන්න පසක් කරන්නට එතරම් කාලයක් ගතවුයේ නැත. ඒ මේ බිමෙහි තැන තැන රසික හදවතින් නැඟුණු 'ඩැෆඩිල් මල' යන මිමිණීම නිසාවෙනි.

දයාන් විතාරණ නම් වු ජායාරූප ශිල්පියා ගායකයෙක් ලෙසට අභිෂේක ලබන්නේ ඩැෆඩිල් මලින් යන්න නොරහසකි. ඉන් නොනැවතුනු චාමින්ද කේෂ්ත‍්‍රයේ සිටින බොහෝ ගායක ගායිකවන්ගේ ගමන් මග වෙනත් දිශානතියක් කරා යොමු කිරීමට සමත් වූවා. රැල්ල හෝ රැල්ලට ගහගෙන යාම සමාජ සම්මතය වු කල්හි එයට එරෙහිව උඩුගම්බලා පිහිනීම චාමින්ද අතින් සිදු වුයේ අර්ථාන්විත ගීත දෙකක් රචනා කරමිනුයි. ඉන් එකක් මීට පෙර සඳහන් කළ ඩැෆඩිල් මලයි. අනෙක 'කැමේලියා මල් සුවඳට' ගීතයයි. ගිණි මලක් පිපුණාට..... ගීතය ගයා තමා ගායකයෙකු යැයි පෙන්වා තිබු කිත්සිරි ජයසේකර සහෘද හදවතේ ඉඩක් වෙන් කර ගත්තේ කැමේලියා මල් සුවඳට ගීතයෙන් බව සත්‍යයකි.

චාමින්දගේ පද රචනයෙන් කසුන්ගේ තනු නිර්මාණයක් සහිතව බිහිවෙන කැමේලියා මල් සුවඳට ගීතය තුළින් පේ‍්‍රමවන්තයින්, සෞන්දර්්‍යවාදීන් බවට පත් කරන්නට සමත් වෙනවා. තනිකඩ හිතට, හිරිමල් හිතට දැනෙන ආදරණීය හැඟීම මොනතරම් සංයමයකින් යුතුව චාමින්ද ඉදිරිපත් කරන්නේ පෙම්වතාගේ නොඉඳුල් සිහිනයට බලාපොරොත්තු ගෙන හැර දක්වමින්ය. සිහිනයන් මිනිසුන් ජීවත් කරවන බව ඔහු ලියන්නේ නිදිබින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා...... යනුවෙනුයි. ආදරයේ දී පිළිබඳ හිතක් පහළ වීමත්, එය කියාගන්න බැරුව සෑහෙන කාලයක් හිතින් අතරමංවීම, දෙපැත්තේම හිත් ඇතුලේ මේ ආදරේ තෙරපි තෙරපි ප‍්‍රකාශ නොකර තියෙන එක පෙරුම් පුරලා පුරලා ඒක ප‍්‍රකාශ කරන එක, මේ අතර කාලය පුරාවට නැගෙන සිතුවිලි මේ සියල්ල චාමින්ද එක රාමුවක් තුළට ගෙන ඒමට සමත් වෙනවා....... සකුන ගීය සැඟවී යන පලා පැහැයේ කළු තවරා යන පද වැලෙන් කාලය, දින ගෙවී යන අපූරුව විස්තර කරන්නට උත්සහ ගත්තේ අතිශය රසවත් වචන කිහිපයක් භාවිතා කරමිනුයි. සැන්ඳෑ අඳුර ගේන පවන වගේ ඈත එපිටින් හදට වඩින සින්ඩරෙල්ලා......... දවසක නිමාව සටහන් කරන වෙහෙසට පත් ශරීරයට අස්වැසිල්ලක් වන සැන්දෑ සුළඟ වගේ මගේ හිතට එන්න යනුවෙනුයි, ඔහු ආමන්ත‍්‍රණය කරන්නේ මෙම පද පේළිය මොනතරම් පේ‍්‍රමණීය ද ස්වභාව සෞන්දර්යට මුසුකරන පේ‍්‍රමණීය හැඟීම් හංස පියාපතින් ගෙත්තම් කරන සිනිඳු සේල සළුව වළාකුලෙන්.... අතුරා යනුවෙනුයි ඔහු යොදන්නේ, එපමණක් නොව පෙම්වතුන්ගේ සංස්කෘතිකාංග ද ගීතයට එක්කරන චාමින්ද මෙසේ ගීතය අවසන් කරයි. යන්න ගීයේ බිය හිතිල ද සින්ඩරෙල්ලා....... යනුවෙනුයි.

චාමින්ද ගේ ගී පද කලාවේ සිදු වු අතිශය වැදගත් සිදුවීම ලෙස මා දකින්නේ නදීක, කසුන් හා චාමින්ද සුසංයෝගයෙන් බිහිවෙන 'රැඩිකල් පේ‍්‍රමය' ගීතයයි. 2000 මුල් භාගයේ ශ‍්‍රී ලංකේය ගීත කලාවේ යුගල සංක‍්‍රමණයක් දක්නට ලැබෙනවා. ඒ අතර භාතිය හා සංතුෂ් මෙන්ම කසුන් චාපා සමාජ ගත වෙනවා. කසුන් සහ චාපා හරිත නිම්නයෙන් අරඹන ගමන සුවහසක් රසිකයන් වැලඳගත්ත ද ඔවුන්ගේ සිතුවිල්ල වන්නේ භාතිය හා සංතුෂ් ගමන වගේම ගමනක් යන්නට සූදානම් වන යුවලක් ලෙසිනි. නමුත් එය එසේ නොවේ යන්න තීරණය වන්නේ රැඩිකල් පේ‍්‍රමය ගීත සමුච්චය හරහා එන රැඩිකල් පේ‍්‍රමය ගීතයෙනි.

මෙතෙක් කලක් අපේ රටේ රචකයින් කොතරම් ගීත ලිව්වද ඔවුන් ගීත ලිව්වේ සම්ප‍්‍රදායික විරිතටය. ඔවුන් වෙනස් ගීතයක් ලිව්වා යනුවෙන් රසිකයාට තිලිණ කළද, ඒ තුළ තිබුනේ වෙනස් වචන පමණකි. නමුත් පැරණි විරිත තමයි ඔවුන් යොදා ගත්තේ.

විරිත වෙනස් කරමින් ගී පද රචනාවක් මෑත කාලීන තරුණ පරම්පරාවෙන් ලිව්වේ චාමින්ද, එහි ඇරඹුම මා දකින්නේ රැඩිකල් පේ‍්‍රමයෙනි. එය ගැයූ කසුන් මේ කලා කෙතේ ඉඩක් වෙන් කර ගත්තෙත් මේ ගීතයෙන් පසුවයි. තරුණයන් අතර, රැඩිකල් සංකල්පය ජනප‍්‍රියයි. ඔවුන් නිතර උත්සහ කරන්නේ රැඩිකල් වීමටයි. නමුත් සියළු රැඩිකල් මිනිසුන්ගේ පේ‍්‍රමය සම්ප‍්‍රදායික බව ඇඟට නොදැනීම චාමින්ද කියන්නේ බොහෝම අපූරුවටයි. ඔහු යොදන නිතර ගී පද රචනා වල නොදකින අපූරු වචන පෙළ සම්පුර්ණයෙන් ගී පද රචනාව පෝෂණය කිරීමට සමත් වෙනවා. එහි එන සිත මැවූ 'සශ‍්‍රීක හීනයකි' යන යෙදුම අපේ ගීත කලාවේ නම් යොදන්නේ ගැමි ගීතයකට, එහෙමත් නැත්නම් කෘෂිකර්මාන්තය සමඟ බැඳුනු ගීතයකට, නමුත් ඔහු පේ‍්‍රමණීය ගීතයකට මෙය යොදනවා. එමෙන්ම 'පාෂාණී භූත මතකය ඇගේ' යන යෙදුම මුළු ගීතයම එක තැනකට ගෙන ඒමට සමත් වෙනවා. විරිත වෙනස් කරමින් ලියු මෙම ගීතයට නොබියව තනුව නිර්මාණය කරන නදීක තම හැකියාවේ තරම පෙන්නුම් කිරීමට සමත් වූවා පමණක් නොව කසුන් තම ගායන හැකියාවේ හතරමුල්ල මේ යැයි රසිකයන්ට පෙන් වූ බව නොරහසකි.

එතැනින් ඇරඹී ගී පද කලාවේ නව ආකෘතිය ඔස්සේ දිගු ගමනක් පැමිණි චාමින්ද සිදු කළ විශාලතම වෙනස වන්නේ 'රෝමාන්තික ඔපෙරාව' ගීතයයි. මා හිතනා පරිදි පසුගිය දශකයේ ලංකාවේ බිහි වූ හොඳම ගී පද රචනාව වන්නේ මෙයයි. එයද ගයන්නේ කසුන් වීම තවත් සුවිශේෂ කරුණක්. වචනවල තිබෙන සියළු අරුත් මනාව පැහැදිලිව රසික සිත් තුළ තැන්පත් වන අපූරුව කොතරම් ද කිවහොත් රෝමාන්තික ඔපෙරාව ඇසු අයෙක් කිහිපවතාවක් එය නැවත නැවත ශ‍්‍රවණය කිරීමට පෙළඹේ. ශාන්ත පීරීස් තම තනුව තුලින් ගීතයේ වචනවලට සාධාරණයක් කර ඇති බව මාගේ හැඟීමයි. මන්ද එහි වචනවල ශක්තිය ප‍්‍රබලවීම නිසා ඔහු එයට හානී නොවන අපූරු තනුවක් නිර්මාණය කර ඇති බව කිව යුතුමය. හරසුන් බිහිවන යුගයක තරුණ පරපුරේ හොඳ නිර්මාණ කෝ යනුවෙන් නිතර මැසිවිලි නඟන බොහෝ විචාරකයින් ට මෙන්ම රචකයින්ට, ගායකයින්ට චාමින්ද ලබා දෙන පිළිතුර අතිශයින්ම ප‍්‍රමාණවත් බව කිව යුතුමය.

වචන හරඹයක් කරමින් තම හෘදය සාක්ෂියෙන් ඉපිලෙන නැවුම් පද රචනා සියගණනක් ඔහු අතින් ලියැවී ඇත. බොහෝ සෙයින් කතාබහට ලක් නොවුව ද නදීක ජයවර්ධන ගයන 'පෙරවදනක්' ගීතය තුළින් විරහව සෞන්දර්්‍යවාදී ලෙස ඔබට කියා දෙන්නට චාමින්ද සමත් වෙනවා. ඔහු එය සාධාරණීයකරණය කරනු ලබන්නේ හැම හමුවීමකට නියමිත අවසානයක් ඇති බවත්, එක සෘතුවකට පසුව තව සෘතුවක් පැමිණෙන බවත්, ඒ සඳහා ගහ කොළ මල් දළු ලා යායට අළුතින් සැරසී සිටින බවත් කියමින්ය. මෙය ඇසූ රසිකයාට ඔහු අළුත් බලාපොරොත්තුවක් ජීවිතයට එකතු කරන බවත්, බලාපොරොත්තු කැඩිලා බිඳිලා යනකොට ජීවිතේ නැවතුනා කියලා සමහරුන්ට හිතෙන සිතුවිල්ලට අළුත් හීනයක් ලබා දෙන බව නොඅනුමානයි.

කෙසේ වෙතත් ගී පද රචකයෙකු යාවත්කාලීන විය යුතුයි. එවිටයි ඔහුගෙන් නව්‍ය ගී පද රචනා බිහි වන්නේ එම අභියෝගයට පිළිතුරක් ලබා දෙන චාමින්ද නිර්මාණය කරනවා අපූරු පදවැලක් තාක්ෂණික වෙනස්වීම් නිසා මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් වල දකින වෙනස කාලයක් එක්ක සිදුවන්නක්, ගෝලීයකරණය සංකල්පය තුළ ලෝකය තනියායක් වෙලා සන්නිවේදන සම්බන්ධතා දියුණු වෙලා, ප‍්‍රබල පණිවුඩ හුවමාරු ක‍්‍රමය වු ලිපිය මිනිසුන් අතරින් ගිලහිලා, එස්.එම්.එස්, ඊ මේල්, ප‍්‍රමුඛ වෙලා, ආදරය කරන්නට ඇති වේලාව සීමා සහිත වෙලා, ආදරය කිරීමේ ක‍්‍රමයට තාක්ෂණය මුසු වී මේ සියල්ල දැන් අන්තර්ජාලය හරහායි. අපට සිටින අතිදක්ෂ ඉංග‍්‍රීසි මාධ්‍ය පුවත් පත් කාලාවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්නගේ අපූරු අත්දැකීමකට අනුව ලියැවෙන මේ ගීතය තුළ මෘදුකාංග, දත්ත, වෙබ් පිටු, ඒ සියල්ල ඇතුළත් ගීතය තමයි 'ඊ මේල් කවිකාරියේ' ගයන්නේ අතුල අධිකාරී, අතුල අවසන් වරට ඉදිරිපත් කළ ගීත ඇල්බමයේ නම ලෙස යොදා ගත්තේ ද 'ඊ මේල් කවිකාරියේ' යන්නයි. අන්තර්ජාලය ඔස්සේ කොතරම් ආදරය කලත්, එයින් පංච ඉන්ද්‍රියම පිනවන්නට නොහැකිය. ඒ නිසාම දෝ චාමින්ද ලියන්නේ 'සල්ලාප කුටියෙන් මිදිලා සියැසින්ම විද ගත්තේ කවදා ද නුඹ හා' යනුවෙන් නව පරම්පරාවේ ඉලෙක්ට්‍රෝනික ආදරය වෙනුවෙන් ලියූ අපූරු ගීයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

ලාංකීය ගීත කලාවේ මෑත කාලීනව අතීශය ජනප‍්‍රිය වු එමෙන්ම ජනප‍්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය ගීතය වන්නේ 'මල් පිට මල්' ගීතයයි. චාමින්ද ගේ ගීත කලාවේ ජනප‍්‍රියම ගීතය මෙය යැයි කිව හැකිය. පිය පුතු සංගීත චාරීකාවේ වෙනත් මානයක් එළිපෙහෙළි කරගන්නට අමල්ට හැකිවන්නේ මේ ගීතය තුළිනුයි. එවකට තාත්තාගේ ගීත හැරුණු විට අමල්ට තිබුණු එකම ගීතය වුයේ මෙයයි. ඔහු නිර්මාණය කරන පළමු ගීත ඇල්බමය නම් කරන්නේ ද 'මල් පිට මල්' යනුවෙනුයි. පේ‍්‍රමණීය හැඟීම සියුම්ව ස්පර්ශ කරන චාමින්ද එහි සරල පද වැලක් භාවිත කරමින් ඔහුගේ අනන්‍යතාවය රැක ගැනීමේ උත්සහයක නියැළෙන බව පැහැදිලිය. එය වඩාත් ඉස්මතු කිරීමට කසුන් යොදන තනුව අතිශය කාලෝචිත යැයි හැඟේ.

මෙවැනි ගීත ගණනාවක හිමිකරුවා වු චාමින්ද ලාංකේය කලා කෙතේ ගී පද රචකයෙකුගේ භූමිකාවේ හතරමායිම පැහැදිලිව දැන, මැදිහත් ප‍්‍රතිපත්තියේ සිට සීමා මායිමෙන් ඔබ්බට ගොස් අලුත් වු යමක් රසිකයා වෙත භාරකොට සංතෘෂ්ඨිය ප‍්‍රාර්ථනා කිරීම චාමින්ද නම් වු මේ සොඳුරු මිනිසාගේ අද මෙන්ම හෙටත් සිදුවෙනවා නොඅනුමානය.

චාමින්ද රත්නසූරිය ලියූ ගී රහ බූන්දියෙන්

FB Fan Page| Chaaminda Rathnasuriya

ලක්සිරි හේවගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails