Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇතුලූ ගැබ පිම්බෙනා පිම්බෙනා වාරෙක
වැව් කඳත් ඉවසුවා ඉවසුවා බැරි තැන
කඩවලක් වදව්වා - පිටවාං සිවිඞ්ඩත් කර ඇරිය එවෙලෙම
කොහොමෙං නැහුනාද මව් පන ?

"එම්බාම් කොරන්ඩත් පෙට්ටි ගෙන්නන්ඩවත්
කෙරෙමෙකුත් නැති එකේ
සේද සේල - මල් වඩමුත් ඕන් නෑ
වලදාමු ඔය ගොඩැල්ලක ගුනකථනවත් නැතුවම"
තව තවත් කඳුළු ඕනැද
ඉකි වත් නොගහා අඬන අහසට

මොකටද තක්සේරු පිසූ ආහාරෙට
බත් රහත් තෝරයිද රහ දිව
වදපු අම්මත් වතුරෙ ගියහම ?

ටයර් ගිනි තිය තියා
පිට්ටනියෙ ලැග ලැගා
චොපර් අහසේ ගැන ගැනා
ජීවිතය හොයමු අපි
කඳවුරේ තැප තැපා

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails