Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ජනතාවනි නුඹලාට
නීතිය අතට ගැනීම තහනම්ය....
එහෙත් නුඹලානම්
දඩකොළ ලැබීමට සුදුසුය....."

ඉර පාරේ - ඉර බැරිවී කැපෙනු එපා
ලයිසන් ගෙදර ඇත අමතක වෙන්න එපා
මග අයිනක කොස්සෝ රැක පනිනු එපා
බදු මදිවාට දඩ බඩ උඩ යන්න එපා

ලඳු අස්සේ අර කොස්සෝ වැනෙන්නේ
දඩ මරුවෝ මහ පාරේ ලගින්නේ
අනේ සේසතම උන්ටම පුදන්නේ
කකුල් දෙකට වැඳ වැඳවත් වරෙන්නේ

හෙල්මට් බලපං නැතිනං ලයිසන් බලපං
ලයිටුත් බලපං නැතිනං ටයරුත් බලපං
ඔක්කොම හරි නං ඇටදෙක මිරිකල බලපං
අමුඩය නැතිනං දඩයක් ලියලම දීපං

සාවි එක්ක මං වෙරළේ සිටි කලට
පේවී පොලිස් ලොක්කෙක් ආවයි ළඟට
වේසිගෙ පුත්තු ලෙව්වා තොල කට සැපට
යමව් දැන් ඉතින් දඩ අධිකරණයට

ඇයි නැන්දේ නුඹ කැන්දා ගෙනාවේ
බුලත් කෙල පාර පාරේ තබායේ
මාමා අතින් අල්ලාගෙන පුරායේ
අමුඩේ මතක නැතිවයි ගේ වනායේ

නංගී මොකද අධිකරණේ සිටින්නේ
අයියේ කකුල දැක ලොක්කා ගැහෙන්නේ
කොට ගවුමට හැට පිරුනද රජුන්නේ
ලිගු නලියන නිසයි දඩ දඩ කෙලින්නේ

මල්ලී මොකද අධිකරණේ සිටින්නේ
කහ ඉර නැති තැනින් පැන්නලු බොලන්නේ
රැකියා නැතිව කොහොමද දඩ ගෙවන්නේ
දඩ නොගෙවමි කූඩුව තුල ලගින්නේ

කැළේ තිබෙන කොයි දේවත් රස වේවා
දිවේ රස නහර මුව තුළ දිය වේවා
හාල් පොල් මිරිස් මත්තට බුදු වේවා
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා

ඔන්න බලන් දඩ මීමා කර යුද්දේ
දේශප්‍රේමි අම්බරු දෙන හැටි සුද්දේ
බලේ රැක ගන්න හොල්මං කර යුද්දේ
උන්ට ඉතින් තිසරණ සරණයි යුද්දේ

අන්න බලාපං කිරි ඇති ගහ මැදුරේ
ගන්න දඩවලින් මී වද පැණි ඉතිරේ
රෙන්න පණ නැතත් නිදහස දැක උතුරේ
දෙන්න යයි කියති වැද්දන්ටම කතිරේ

විකුණං කන්නෙ නැහැ මම උතුරේ යුද්දේ
පණයං කන්න ආසයි විකුණා සද්දේ
සමයං දානකොට බඩුමිල සහ සුද්දේ
විකුණං කන්නෙ නැහැ කියමින් කමි යුද්දේ

දඩ දඩ ගගා කීවෙමි දඩ ජාතකය
උඩ උඩ ලැගම දඩ, බදු, නඩු පාලනය
සිවුමහ බඹුන්ටත් පැටලුනි ජාතකය
රට වැසියාට විය හෙනහුරු මාරකය

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails