Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගලවපිය තොගෙ බ්‍රේස්ලට් එක
ගලවපිය තොගෙ සන්ග්ලාස් එක
ගලවපිය තොගෙ ඩෙනිම් කලිසම
ගලවපිය තොගෙ ටී ෂර්ට් එක

කවියකින් අමුඩයක් ගසපිය
කවියකින් කලිසමක් ඇඳපිය
කවියකින් කමිසයක් මහපිය
කවියකින් පා වහන් දාපිය

බඩගිනි ද කවියක් ම කාපිය
පිපාස ද කවියක් ම බීපිය
කවියක් ම පොළවේ එළාපිය
කවිය උඩ දපලා නිදාපිය

මෙහෙ වරෙන් උඹ හම ගහන්නට
ඒ හමෙන් බෙරයක් බඳින්නට
මෙන්න බෝතල් කටුව දෑතට
තොගේ කවි පද හම ගහන්නට

උඹ ම උඹෙ කවි හම ගසාපිය
වේලෙන්ට එළි වැටේ දාපිය
වේලිච්ච හම් පදම් කරපිය
බෙර බඳින්නට අපට දිපිය

උඹ නටාපිය අපේ පදයට
බෙර ගහන්නේ අපේ තාලෙට
හම ගැසූ කවි ගසා කණ පිට
ගහගනිං අවිචාර අමුඩෙට

කුමාර හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails