Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(කලාභූෂණ සම්මාන ප්‍රදානය සඳහා අයදුම්පත් භාර ගැනේ - පුවතක්.)

කලාභූෂණ කලා කෙත මැද
කලාවක් නැති වළාවක් විණ
තුලාවක් සෙවූ දනන් මිහි මත
ගුලාවක රසභාව මියැදිණ

පුරව පුරවා නේක පැනයට
පමා වී එන පිළිතුරක් ඇත
සිරව වැළලුණ සුසුම් සයුරට
හමා ගෙන ආ සුළඟ කැළතිණ

සරස්වතිය ද ඉකිබිඳිණ සඳ
කලා සොළොසම සිඳී වියැකිණ
අඳුර විසුරුණ සොඳුරු මංපෙත
සදාදර තරු පොකුරු වැහැරෙත

අසපුවේ හිඳ බැන්ඳ කව් පද
දෙණිපෙතේ නැඟු සිත්තමක වග
අනන්ත ය දිග ලිවු පුරාවත
පුදසුනකි යාදින්න කුමකට

ගතේ දහදිය අතේ කරගැට
බිඳී හදවත පා පතුළ රත
නෙතේ ඉහිරුණු මන්ඳහස වෙද
රිදී කුස පිස ගැලූ ළය බැඳ

නිමා නොවනා නිම්තෙරකි ඔබ
සැඳෑ කළ පෑ ක්ෂිතිජ රුවනින
පැටලි බැදි වල මඟ කියා දෙන
මහරු මිණි සම වේ ද තවකෙක

නුඹ පුදන්නට සියපතක් වෙත
රැළි නඟන වැව් දියක මතුපිට
තුරක අතු ඉති කිණිති උතුරා
නැමී මල් දලු බර ව ඇත හිස

තෘණ පතක් අග රැඳී රහසින
දිදුල පිනි පොද අඩදැණිව ඇත
පලස සෙනෙහස ගරු මනාව ය
නුඹට බුහුමන් පුදන වගට ය!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails