Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දෝරෙ ගලන පිරිත්වලට
පාන්දරින් අවදි වෙලා
සූකිරිදෙන චැනල්වලට
නොවැරදීම මාරු වෙලා
හෝරාවේ සෝන්ග් එකට
සරුවාංගෙ සලිත වෙලා
ජීවිතේම කාණු කටකි
රියැලිටි ෂෝ එකක් වෙලා

නැතත් බඩට බත් අහුරක්
කුකරි ක්ලාස් ඇත එමටා
ආචාරිය පබිලිස්ලා
පිසිති යකඩ වුව රසටා
සිවු පෝයට සිල් අරගෙන
තියා ලොකුම තිත මතටා
දේශ පේ‍්‍රමෙ බයිට් එකට ගෙන
මූණ වහං බොමු සැපටා

එතෙරට දියවන්නාවෙන්
පනිනට බෝසත් කැලටා
වෙමු අපි කන්ථක තුරඟා
මතුදා ලබනට නිවනා
නාය යතත් දෙපා යටින්
නිදිමින් සුභ සිහින දැකා
ලිහා වැටෙන්නට හැර ඇඳි වත
කිරුළ සදමු මහ රජුටා

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails