Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔවූහූ විවිධ ආගම් අදහන, විවිධ ජාතීන්ට දාව උපත ලද්දෝ ය. විවිධ බස වහරන්නෝ ය. විවිධ පෑහැයෙන් බබළන්නෝ ය. එපමණක් නොව, විවිධ සිරිත් විරිත් අනුව යන, එමෙන් ම, විවිධ සමාජ තලයන් හි හැදී වැඩී, විවිධ දේශපාලනික ගැහැට විඳ, ජීවිතය සොයා පැමිණෙන්නෝය.

ඒ, ජීවිතය තාමත් පුබුදුවා නො ගත් මල් වන් දරු දැරියෝ ය. යුද්ධය, දරිද්‍රතාච සහ දේශපාලනික බලපෑම් මත, විවිධ දේශ සීමා පසුකර ඊශ්‍රායලයෙහි, ටෙල් අවීව් නගරය මැදට පැමිණෙන මෙම දරුවන්ට ආදරය, කරුණාව මෙන්ම රැකවරණය ද, සම අසුන් ද ලැබෙන්නේ ය. එහිදී, ඔවුහූ අනෙකා පරයා නොයන අතර, උනුනට තව දුරටත් අමුත්තන් නොවන්නෝ ය. තව දුරටත් ඔවූහු ආගන්තුකයින් නොවෙති. එකිනෙකා හඳුනා ගනිමින් ඔවුනොවුන් හා-

ඒකාබද්ධ වෙමින් අලුතින්ම ජීවිතය අරඹන්නට ඔවුනට එහිදී අවකාශය ලැබෙයි. විදේශීය රටවල් 48කින් පැමිණෙන මෙම දරුවන් ගේ ජීවිත, තම මව් රට වල දී, අනේක වධහිංසා මැද ගෙවී ගිය හැටිත්, අනතුරුව ඔවූහු Bialik-Rogozin පාසලට පැමිණීමෙන් පසුව තම ජීවිතය නැවත පටන් ගන්නා අයුරුත්, විවිධ භාෂා, ආගම්, වර්ණ වලට අයත් මෙම දරුවන් කිසිවෙකුගෙන් වෙනස් නොවී එකම මිනිස් කොටසක් බවට පත් වෙමින් අකුරු කරන්නට පටන් ගන්නා ආකාරයත් අපට පෙන්වන්නේ 2011, කෙටි වාර්තාමය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් "Strangers No More" නම් කෙටි චිත්‍රපටය යි.

එහි මූලික තේමාව වනුයේ එකම මිනිස් කුලකයකට, එකම සමාජ තලයකට, කිසිදු භේදයකින් තොරව ඒකාබද්ධ වී, අනුගත වී ජීවත් වීමට මිනිසාට ඇති හැකියාවයි. විෂම සමාජ තලයන් බිඳ දමා එක පෙළට සිටින්නට මිනිසාට ඇති හැකියාව පිළිබඳව, නැතහොත් සමානාත්මතාව පිළිබඳව ආදර්ශයක් සැපයීමයි.


Bialik-Rogozin පාසලෙහි දී, ඊශ්‍රායලයෙහි දිළිඳු පවුල් වල දරුවන් සහ සංක්‍රමණිකයින්ගේ පවුල් වලින් පැමිණෙන එම දරුවන්, එකම සෙවණ ලැබ ජීවිතය ජය ගන්නට පාර සොයන්නෝ ය. 800ක් පමණ වන සිසු දරු දැරියන්ගෙන් බොහෝ දෙනෙක් පාසලක්, පොතක්, පෑනක් යන්න කුමක් ද කියාවත් නොදනී. එහෙත් මිනිස් ඝාතන, හිරිහැර, දූෂණ සියැසින් දුටුවෝ ය.



ළමා මනසට නොහෙන, අමිහිරි අත්දැකීම් ලැබුවෝ ය. එවන් ළමා මනස සුවපත් කරමින්, අධ්‍යාපනය ලබා දී යහපත් මිනිසුන් බිහිකර, සමාජයට යැවීම කළ හැක්කක් බව ලෝකයට පෙන්වා දෙන්නට මෙම කෙටි චිත්‍රපටය ට හැකිවිණ. එය සිනමාවට මහඟු ආදර්ශයක් ගෙන ආවේ ය.




ඉතියෝපියාවෙන් පැමිණි ජොහැනස්, දකුණු අප්‍රිකාවෙන් පැමිණි එස්තර් සහ ඩාෆූර් හි සිට පැමිණි මොහොමඩ් යන සිසුන් ලැබූ අත්දැකීම් වටා ගෙතී ඇති මෙම සිනමාරූපණයෙහි, විදුහල්පතිනිය සහ තවත් ගුරුවරියක් මුඛ්‍ය චරිතාංග අතර වෙති.



විනාඩි 40ක කාලයක් තිස්සේ ඔබට නැරඹිය හැකි මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය Karen Goodman සහ Kirk Simon ගෙනි.

ෆිල්ම්බග්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails