Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකමත් එක අවුරුද්දක
ප්‍රථම ප්‍රේමයේ වැඩ බිම
මුට්ට කරගසා ඉපයූ
තනියයි එකමෙ ක කාසිය

විකල් හිතේ කාණු කටක
කුණු වතුරට එය විසිකර
අතට ගන්න සිදුවූයේ
විප්ලවයේ මහළු කොඩිය

කය දහඩිය මුගුරුසේම
ඇහේ කඳුළු අතිරික්තය
පීඩිත පින්සලට අරන්
අකුරු ලියන්නට බැරුවට
අවමංගල සුදුරෙදි මත
හදේ ගලන ලෙයින් රුවට
හිත් තවරන්නට සිතුවේ
ලෝකයකට කියවන්නට.

ඒ පුස් කාලයේ විකට
කැහැටු මතකයත් අරගෙන
තහනම් අම්බලම් වලට
යන්නට බැහැ නොවැ පිය මැන
විසුළු ඔටුනු කඩු නැතුවට
රකින්නට කියා කිසිවක්
අපි වාගේ මිනිස්සුන්ට
සැබෑවටම නැතිද මෙතැන.

දයාව සිත පුරවනු වස්
හුඹස් අතීතය බිඳහැර
කිලුටු බැනර් දද පතාක
තූ තූ කොට බිමට දමා
පතුල පෙනෙන තරමට හිස්
හිත් බෙලෙක්ක අරන් වරෙව්!
ජීවිතයේ හංදිය ළඟ
මනුස්සකම හිඟාකන්ට.

[අමාවකේ සඳක් සිඹිමි- 2006]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails