Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇහිපිල්ලං හොඳටම බර
නින්ද නේන රෑ මැදියම
කවි හිතවත් අඬලන් නැති.
කී දේ නාහන හිතිවිලි
තුරුලේ උහුලමි හීතල

ෆිල්ටරෙත් අහිමිව
පිං මදිව ඉපදුන
කැප්ස්ටන් බටයක
බාල දුම් ගොබ
වළාකුළු මැද
අත් වැරැද්දක්
ඇස් පනාපිට
බින්ද පේ‍්‍රමයෙ
තිතක් නැති මතක ගොබ
ආයෙ ආයෙම ලියලනව
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම

දුං ගහන්න ඔච්චරටම
ඉදවනවද කෙහෙල් කැනැක්
පපු කැනැත්තෙ?
මිතුරු දෙඩිලි
ටොකු අනිනව...

බාල දුම් ගොබ
වළාකුළු මැද...

පියනත් අතුරුදං
වතුර පුරවපු
ෆ්රෑන්ක්ලින් බෝතලේ
විලංගු ලෑ කූඹි පොදියක්
උගුරටත් හොරා මගෙ
උගුරු බටෙන් රිංගුවා

හිතිවිලි නහර වල
හිතුමතේ උන් ලේ බොන
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම
බාල දුම් ගොබ
වළාකුළු මැද...

ජාන වලට කාවැදිච්චි
පිළිවෙලකට අඩුක්කරපු
අබ්බගාත දෘෂ්ඨිවාද
කොඳු ඇටේම කොනිත්තනව
නෑ මට ඉන් ඉස්පාසුව

ෆිල්ටරෙත් අහමිව
පිං මදිව ඉපදුන
කැප්ස්ටන් බටයක
බාල දුම් ගොබ
වළාකුළු මැද
අත් වැරැද්දක්
ඇස් පනාපිට
බින්ද පේ‍්‍රමයෙ
තිතක් නැති මතක ගොබ
ආයෙ ආයෙම ලියලනව
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම...

බාල දුම් ගොබ
වළාකුළු මැද...

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails