Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මව්පියන්
කඳුළු දහදිය විකුට
මස්සෙන් මස්ස සරි කළ
දහසින් බැඳි පියලි ගෙන
කුහුඹු රෑණක් විලස
පෙළ සැදී
කොයිබ සිට
කුමට එන්නෙද දරුව ?
කුමක් ගෙන යනු පිණිසද?

ගල්ගැසී මොහොතකට
බලා ඉමි
හුන් තැනම
මා ද
ගුරුවරයකු බැවින්
ඔබේ
විශ්වාසයෙන් පිරුණු දෙනෙත දෙස

කැඳට මිස
බතටවත් ගත නොහෙන
සුණු සහල් කැබලි මිස
මවෙත නැත
නැවුම් පැල පත සදන
සුහුඹුල් මනා බිජුවට

එහිද පුත
කාලයේ හිරිකඩ වැද
තෙත් බැස
පුස් බැඳීමෙන්
ගුල්ලන් ද පණුවන් ද පිරී ඇත

අතරින් පතර
පණ නල රැඳුණු
එකම එක බිජු වටක් තිබුණු මුදු
වපුරනු පිණිස එය
සැකසූ බිමක් කොහි වෙද?

එබැවින්
ඔබේ විශ්වාසයෙන් සපිරුණු
යොවුන් නෙත් දැක බියවෙමි
ගැහෙන සිත් දැක වෙවුලමි
කුමට එන්නෙද දරුව
කුමක් ගෙන යනු පිණිස ද ?

මේ පීඨිකාවෙහි
ගල් ගැසී බලා ඉමි
ඔබේ
දිදුලන දෙනෙත් දෙස
මා ද
ගුරුවරයකු බැවින්

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails