Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යටත් වී පරුෂ අව් රැසට
එසවූ දෑත් සදිසිව
මලානික අතු නැගේ අහසට

ගිම් වේගයෙන් සැලී
තැවී ඔද තෙද සිඳී
ජීවිතා'ශා අත් හළ
අතු පතර හෙළයි නන් නන් කුසුම්

පුදා සිහිලැල් සෙවණ
පරව යන සා මඬුලු මත
වෙළෙයි සඳ දියර මුසු සුළඟ
නිවා යළි සුවපත් කරන මෙන

මන දොළ සිඳුණු අතු අග
කොඬව ගිය පත් සනහන
පිනි පොදක් නැති ලොව තුල
උසුලා ගත නොහෙන
නියඟයෙන් පැන රැය මැද
සුළඟ උණුසුම් දෙතොලින්
පණ පිඹින සර මතුවෙන

වැටී වැනසී නොයා
හෙට ළදල්ලක් සදනට
අතු ඉති වැළඳ පිරිමැද
සුළඟ කරනා අයැදුම
පාව යයි කවුළුවට නුදුරින

ඉපල් අතු ඉති අගින
සුරත් මල් කළඹ ගෙන
නියඟයට සරදම් කර
ජීවිතාශා වඩා
යළි පිබිදෙනු යි සන්කර
ළා සුළඟ ලන කෙඳුරුම
උස්ම උස් කටහඬක් වෙයි හෙට
අරුණෝදයේ දොර ළඟ.

[කිරි සුවඳැති රාත්‍රිය කාව්‍ය සංග්‍රහයෙනි.]

නන්දන වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails