Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වස්තුව-
පෙම් කිරීමේ වරද බස් එකකදී මාට්ටු වීම හේතුවෙන් අතරමග ටියුෂන් නතර කර දැමූ ඒ නිසාම විභාගයද අසාර්ථක වුණැයි කියන තරුණයෙක් තමන් ඇතුළෙ පණ ගැහෙන ද්වේෂයේ සාක්කිය මා අතෙහි තබා ගියේය.


නිර්බාධ ආදර ඇසුරකට
හිතන්නත් හිතක් නැති
වලංගු නැති විලංගු දැමු
බහ තෝරන අපෙ ලව් එක
සිකුරු එළියට ඇස් දෙන

ගැස්සෙන හින්දාම වමනෙ එන තරමටම
කවුරුවත් ඉඳගන්න එන්නෙ නැති
අම්බානක් සෙනග තැම්බෙන
උස සීට් බස් එහෙක පස්සහම සීට් එක
අර කිව්ව ආදරේ විඳින පොඩි ඉඩ ටික
බාලගිරි අදම එන හෙනහුරත් බැලුම් ලන

සුදනන්ට ගිය රටක
හැම හිතක් එතන දැන් කෑ ගහන

ඇහැ ගැටී නැහැදෙයි බියෙන
පොඩි උන්ගෙ ඇස් බඳින
ආයිමත් ඇස් පියන් වලදාපු මතක මෘත ගොඩ දාන
දරු හුරතල් බලන අම්මලත් හරස් වෙන

නීල්‍යාදී තෙල් ඔළුවෙ තවරගෙන
නිල් බයිස්කොප් ළඟින් සීරුවට ඉඳගන්න
බස්සෙකේ දැල් දමන් අනුපූරක හොයන
ලංකදීපේ ඇස් ඔබන් නොදන්නා ගමන් යන
පැන්ෂන් මුන්දැලත් හැම හවසටම සෙට් වෙන
අපිවම බයිට් කර වෙරි වෙන

ටෙලියෙ අම්බානක්
බණෙන් අපි ගිනි තියන
මරු බඩු තමයි සඟ ගන
රිය සකක් උකුළෙන් මැවෙන කොට
ඇහිඳගෙන ඉඟ සුඟක් කදිමට
කාටහරි පෙනුනද සැකෙන්
ලැම හොරාගෙන මල්ලේ ඔබාගෙන
හෙමි හෙමින් ඒ රූප අත ගාන...

හැරෙන තැපෑලෙන් ගෙදෙට්ට
විදුලියෙන් පණිවිඩ අරින
කොන්දොස්තරත් හරි පොර
හීනියට ජැක් ගහන

ගොඩවෙන්න කලියෙන් පිලට
පවුලෙ අය වැට කට්ට හිටවන
බාගයක් බැලු අහරෙං මෙහෙං අපි
පේ‍්‍රම ෆික්ෂන් එකකි ගෙදරත්.

මායිමකි. මායමක් කියයි පේ‍්‍රමෙත්..

දෙස් දෙවොල් මඩුවක් තියන
ආයි පාරක් හැමෝගෙම කට ඇරෙන
විබහගෙත් ඇනගෙන ලව් එකත් ඇන හිටින.

ඇපත් නෑ බඳින්නට...

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails