Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අප සිප වැළඳ අවසන් වරට
දෙඅත් තරයේ අල්වගෙන
උනුන් දෙස බලාගෙන
වාඩි වී සිටියෙමු
ගං ඉවුරට ඉහළින් පායා තිබූ
දේදුන්න මත

හිරු අවරට යත්ම
අප දෙදෙන
දේදුන්න මතින් ලිස්සා ගොස්
ඇද වැටුණි දෙපසට

ඇය වැටී ඇත
අසපුවකට
තවුසන් පමණක්ම වෙසෙන

මම
හොර මුලක්
මැදට

"ඇරපන් ඩෝ මේක
වක්කරපන් ගාණට
කාපන් මේ කඩල
එළ එළ
දීපන් ඕක මෙහාට
මදි මදි
ඔතාපන් හීනියට
තව භාගයයි
සෝඩා එකයි
ගෝල්ලිෆ් තුනයි
අරන් වරෙව්
කපව්
කොටව්
ගනිව්"

ඉඳ හිට
ඇසෙයි මට
ඇගේ නිවුනු හඬ
අසපුව දෙසින්
නැග එන

"පෙම්වත
මේ පැන් බොන්න
මේ පලතුරු කන්න
ගන්න මේ ඇහැළ මල් වැල
පළඳන්න පෙර ලෙස
රඳවන්න මේ මැයි මල
කෙහෙරැලි අතර"

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails