Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මතකයෙන් දුර යි එය
හුන්නෝය පස් දෙනෙකු වැතිර
පණ ගැහි ගැහි මා අසල අගලක
මැතිරුවෝය තිදෙනෙකු මට හෙමිහිට
මොන මොනවද
අන්තිම හුස්ම පොද නික්මෙන්ට පෙර
උන්ගේ අවසාන පණිවුඩය

අගලින් නික්ම පසුකලෙක
පණැති මළකඳක්ව
නෑසෙන කනැ'තිව අවුල්ව
බිඳුණු දණ හිස තිය තිය
කොර ඇන ඇන මුමුණමින
හෙමිහිට- හිස් බවින....

මතකයෙන් දුර යි එය
උන්නා පස් දෙනෙක් වැතිර
පණ ගැහි ගැහි මගේ ළග අගලක
තුන් දෙනෙක් කිවුවා මට හෙමිහිට
මොන මොනවද
අන්තිම හුස්ම පොද පිටවෙන්ට පෙර

"යාළුවෝ ඇති බලාගෙන- දිනුම ගැන පුදුමයෙන්
නිහඬව වචනයක් කියන තුරු ඉවසුමෙන්
ඒත් උන් මට කිවුවෙ මොනවද
උන්ගේ ඒ යාළුවෝ කවුරුද"


"මතක නැහැ මට හරියට - උන්නා පස් දෙනෙක් වැතිර
පණ ගැහි ගැහී මගේ ළග අගලක
තුන්දෙනෙක් කිවුව මට හෙමිහිට
මොන මොනවද
අවසාන හුස්ම පොද පිටවෙන්ට පෙර."


විල්ෆ්‍රඩ් විල්සන් ගිබ්සන්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails