Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බඩගිනි උස් කඳු මුදුනින්
සෝක සුසුම් ඇදෙන වෙලේ
නුවන් විලෙන් උණු කඳුලැලි
වතුර ගලන්නේ
ඒ වතුරට රාජ්ජයේ
දනන් තෙමෙන්නේ
වතුර මැදින් අරගලයක්
මතුවී ගිය උදෑසනක
වෙස්සන්තර රජ්ජුරුවෝ
අරගලයෙන් හෙම්බත් වී
දිවෙස් බලා පවතින්නට
සලාකයට නොදී බැරිව
සේරු දෙකක් දන් දෙන්නේ

උත්පාතයෙ සලු පොරවා
උද්දමනය වහ ගන්නේ
අරගල ඇයි මෝරන්නේ
වෙස්සන්තර නය ගන්නේ

ලෙඩට බේත් ඉල්ලන්නේ
වැඩි පඩි නඩි ඉල්ලන්නේ
සිල්ප සතර ඉල්ලන්නේ
නොයෙක් සහන ඉල්ලන්නේ

නෙක අරගල දකිමින්නේ
වෙස්සන්තර දන් දෙන්නේ

උත්පාතයෙ සලුව ඉරී
උද්දමනය මතු වන්නේ
උද්දමනයෙ අතිනත ගෙන
අවපාතය ගෙත එන්නේ
වෙස්සන්තර වෙව්ලන්නේ
දන් පින් අමතක වෙන්නේ

කම්හල් බිම දොයියන්නේ
බැංකු දොරටු වහගන්නේ
නෙක අරගල මතු වන්නේ
වෙස්සන්තර වෙස් ගන්නේ

රජු වෙස්සන්තර නමිනේ
ඉන්නට බැරි බව දන්නේ
ඇඳි සලු පිළි ගලවන්නේ
වෙසමුණි වෙස් අරගන්නේ

[සිරිමලු ගෙ නඟා නලනී ය -1975]

බර්ටි බී කුඩාහෙට්ටි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails