Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකාවේ ඉන්නේ කකුල් දෙකේ එවුන්ද නැත්තං කකුල් හතරේ එවුන්ද එහෙමත් නැත්තං කකුල් දෙකෙන් යන කකුල් හතරේ එවුන්ගේ වර්ගේ එවුන්ද කියලා හිතිලා තියෙන වාර ගාණ මෙපමණයි කියලා හිතාගන්න බෑ. එක අතකට මේවා ගැන හිතලා ලේ පුච්චගන්නේ මොන මඟුලකට කියලා හිතුණත් කොච්චර හරි මේක අපේ ලංකාව, අපේ මිනිස්සු, අපේම රට කියලා හිතන කොට කට පියාගෙන ඉන්නත් බෑ. මේ තියෙන්නේ තවත් ඒ වගේ වෘෂභ ගණයේ සිද්ධියක්, තිබුණේ ඩේලි නිවුස් පුවත්පතේ.

Leadership training for university entrants

ලංකාවේ විශ්වවිද්‍යාල වලට යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආමි පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් වුණු ප්‍රවෘත්තියයි මේකේ තියෙන්නේ. මිනිස්සුන්ට තිරිසන් සතුන්ට වැඩිය තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි තර්කානුකූලව හිතීමේ හැකියාව. ඒත් මේ ටික කියවලා බලන්නකෝ මිනිස්සුන්ගේ තර්කානුකූල බුද්ධිය කොච්චරද කියලා. මොකද ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබීම කොහොම වුණත් ලංකාවේ ඉන්න සබුද්ධිමත් ජනතාවගෙන් භාගයක් වත් මේ කාරණයට ඔළුව වනලා එකඟත්වය පළකරනවා.

"The programme's aim is to develop leadership skills and change the undergraduates' attitudes, he said."

"He said that the students would be trained in team work, presentation skills, visionary thinking and conflict resolution."

"Students have to learn about waking up on time, how to do exercises, working on time, how to study well, how to do team work, how to eat properly and how to respect others."


මේ තියෙන උපුටාගත් කොටස් වල ආසන්න සිංහල අදහස මේ වගේ එකක්.

"මෙම වැඩසටහනේ අරමුණ උපාධි අපේක්ෂකයින්ගේ නායකත්වය හැකියාවන් වර්ධනය කිරීමත්, ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමත් බව ඔහු ප්‍රකාශ කරනවා" මෙකේ ඔහු කියලා ආමන්ත්‍රණය කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයි.

"මෙම සිසුන්ගේ කණ්ඩායම් වැඩ, ඉදිරිපත් කිරීමේ හැකියාවන්, දැක්මක් සහිත චින්තය හා ගැටුම් නිරාකරණය ගැන පුහුණුවක් දෙන බවත් ඔහු ප්‍රකාශ කළා."

"ශිෂ්‍යයින් විසින් වෙලාවට අවදිවෙන්න, ව්‍යායාම කරන්නේ කොහොමද, වෙලාවට වැඩ කිරීම, හොඳට ඉගෙන ගන්නේ කොහොමද, කණ්ඩායමක් හැටියට වැඩකරන්නේ කොහොමද, හරි විදිහට කෑම කන්නේ කොහොමද, සහ අන් අයට ගෞරව කරන්නේ කොහොමද කියලා ඉගැන්වීම සිදුකරනවා."

දැන් මේ ලංකාව ආසියාවේ ප්‍රබලම රටක් කරන්න යන ගමනේ එක පියවරක් නේ. එතකොට උසස්පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල වලට යන්න සුදුසුකම් ලබන්නේ ලංකාවේ ඉන්න හොඳම මොළ ටික කියන එක මොන මිම්මකින් වුණත් සනාථ වෙනවා. නැත්තං ඉතිං මේ පිරිසට විශේෂ අධ්‍යාපන වරප්‍රසාද දෙන්නේ මොන ඇම්මකටද? ඒ වුණාට මේ ගෝතයට අනුව කැම්පස් සිලෙක්ට් වෙච්චි කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාවන් වර්ධනය කරන්න ඕන හමුදාවෙන්.

මට තියෙන මුල්ම ප්‍රශ්ණේ රටේ ඉන්න බුද්ධි මට්ටම් වලින් ඉහළ පිරිසකට පුහුණුවක් දෙන්න හමුදාවට ඇති සුදුසුකම මොකද්ද කියන එකයි. මොන අධ්‍යාපනවේදියද මෙහෙම න්‍යායයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

අපි ඇත්ත කතා කරමු. දැන් ආමි එකේ ඉන්න එවුන්ගේ ඔය කියන ගුණාංග ගොඩනැඟිලා තියෙනවද? එතකොට ආමි එකට යන්නේ බුද්ධි මට්ටමනේ රටේ ඉන්න ස්පිරිට් එකද? උත්තරේ අමුතුවෙන් දැනගන්න ඕන දෙයක් නෙවෙයි. අපි හොඳටම දන්න දෙයක් තමයි හමුදාවට බැ‍‍ඳෙන්න බොහෝ දුරට ඉදිරිපත් වෙන්නේ ගමේ ඉන්න එපාම කරපු එවුන්. (දැන් මම දේශද්‍රෝහියෙක් වෙයිද දන්නේ නෑ) ගමේ තියාගන්න අමාරුම එවුන්, වෙන සුදුසුකමක් පෙන්නලා රස්සාවක් හොයාගන්න බැරිවිච්ච එවුන් තමයි ආමි එකට යන්නේ.

දැන් එහෙම ගිහිං උන් හැදෙනවද?

නෑ, මොන පිස්සුද. එහෙම හැදෙනවා නං ලංකාවේ පාතාලෙ නම ගිය එවුනුයි, ස්ත්‍රී දූෂකයෝ, මංකොල්ලකාරයෝ බහුතරයක් හිටපු හමුදාකාරයෝ (බොහෝවිට හමුදාවෙන් පැනපු) වෙනවද?

එහෙම පිරිසක් තමයි ලංකාවේ ඉන්න මොළකාරයින්ගේ ස්පිරිට් එකේ ආකල්ප හදන්න යන්නේ. මොනා වුණත් "ලෝක හොරු" ටිකක් වත් බිහිවෙයි කියන අරමුණ වත් මේ ඩොක්ටර්ගේ (මං හිතන්නේ මේකා කැළණියේ ආචාර්ය වගේ එකෙක්ද කොහෙද) යටිහිතේ තියෙනවද දන්නෙ නැහැ.

ලංකාවේ ආමි එක යුද්දෙට දක්ෂයි කියලා කියන්න අපි මැලිවෙන්නේ නෑ. එල්ටීටීය වගේ දියුණු ගරිල්ලා සංවිධානයක් යුධමය වශයෙන් භූමියේ පරාද කරන්න පුළුවන් වුණු එකේ ක්‍රෙඩිට් එක ඔය කවුරු කවුරු ගන්න උත්සාහ කරත් ඒක ආමි ‍එකට ලබාදෙන්න රටේ ඉන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. සමහරුන්ට එළියෙ කෑ ගහලා කියන්න බැරි වුණත් හෘද සාක්ෂියේ ඒවා ඉතුරුවෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ආමි එකට හොඳ නමක් සමාජය අතරේ ආවේ ඔය "රණ විරුවා" කියන නාමකරණයෙන් පස්සෙයි. ඒ කොහොම වුණත් යුද්ධයක් හරියට කරපු පළියට රටේ තියෙන තීරණාත්මකම දෙයක් වුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ව හමුදාවට බාරදෙන්න පුළුවන් අම්බරුවෙක් වෙච්ච ඇමතියෙකුට විතරක් කියන එක අපේ උන්ට තේරෙන්නේ නැහැ.

යුධ හමුදාසේවය කියන්නේ කිසියම් දුරකට විනයක් ඇතිව ඉන්න ඕන ‍තැනක් කියලා කියනවනේ. ඉතිං ඒකට තමයි ඉස්කෝල වල කැඩෙටින් කියලා විෂය බාහිර වැඩ සංවිධානය වෙලා තියෙන්නේ. එතනදි කැමති කෙනෙකුට ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒත් මේ කියන ‍විදිහට විශ්ව විද්‍යාල වලට මේ ශිෂ්‍යයෝ සුදුසුකම් ලබලා තියෙන්නේ අතඋස්සලා වෙන්න ඕන. නැත්තං ඉතිං වෙලාවට අවදිවෙන එක, කණ්ඩායම් වැඩ, හරියට වැඩක් කරන එක, ඉගෙන ගන්න එක, කෑම කන එකට හමුදු පුහුණුවකින් ඉගෙන ගන්න ඕන නැහැනේ.

සුනිල් ජයන්ත නවරත්න කියන හාදයා ආචාර්ය කෙනෙක් නෙවෙයි අම්බරු පරම්පරාවකින් පැවතගෙන එන එකෙක් කියලා ඔප්පු කරන, හිනායනම දේ තමයි "ගැටුම් නිරාකරණය" කරන්නත් හමුදා පුහුණුවක් ලබා දීම. ලංකාවේ ආමි එක දන්නෙ මොන ඉලව් ගැටුම් නිරාකරණයක්ද? උන් දන්නේ එකම විදිහයි කියලා හමුදා ඉතිහාසයම බැලුවොත් පේන දෙයක්. ආයුධයක් දුන්නම මරාගෙන මරාගෙන යන එක හරි, ගහලා ගහලා එලවලා දාන එක හරි ඇරෙන්න වෙන මොනාද "ගැටුම් නිරාකරණය" ගැන ලංකාවේ ආමි‍ එකේ ආදර්ශ. උතුරෙදි වෙච්ච දේවල් ගැන හරි තොරතුරු අනාවරණය නුනත් හමුදාව සම්බන්ධ කඳවුරු වල 71, 89 කාලේ දකුණේ තරුණයින්ට තිබූ අති අමානුෂික වදහිංසාද "ගැටුම් නිරාකරණය" කියලා තමයි ඔය තීරකයොන්ගෙන් අපිට අහන්න තියෙන්නේ. එළියට නාපු ක්‍රිෂාන්ති කුමාරස්වාමිලා කී දෙනෙක්ගේ සිරුරු පොළොවට පස්වෙන්න ඇත්ද?

දැන් මේ වගේ පුහුණුවක් හිරේ ඉඳන් එළියට එන කට්ටියකට දුන්නට කමක් නෑ. නැත්තං ඉතිං කනබොන හැටියි, එදිනෙදා අවශ්‍යවන කුසලතාවනුයි උගන්නන්න ඕන නැහැනේ. මොකද කැම්පස් එන්න නං මේ අය පොඩි කාලේ ඉඳන් හොඳට ඉස්කෝලවල්වල ගිහිං තියෙනවා කියලා දන්නවනේ. එහෙම නැත්තං ලංකාවේ කරපු සමීක්ෂණයකින් හොයාගෙන ඇති ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපන හා ද්විතීක අධ්‍යාපන අසම්පූර්ණ එකක් කියලා. (එක අතකින් ඒක බොරුත් නෙවෙයි. නැත්තං මේ වගේ තීරණ ගන්න අම්බරුවොයි, ඒවට ඔලුව වනන එහෙයියෝ ටිකකුයි හැදෙන්නේ නැහැනේ.)

මේවා ලියන්න ගියොත් අනන්ත අප්‍රමාණව වුණත් ලියන්න පුළුවන්. ඒත් කොහොම කරත් අපේ එවුන්ගේ ඇස් අරවන එකනං ලේසි පහසු දෙයක් නොවන බවයි පේන්න තියෙන්නේ. ඒ වුණාට "හොඳක්" ගැන අපේ හිතේ තියෙන බලාපොරොත්තුව නැතිවෙලා යන්නෙම නෑනේ ඇත්තටම.

මේක ලිව්වේ ඇත්තටම හිතේ තියෙන ආවේගයට. එකෙක් හරි මේක කියවලා පොඩි හරි අවබෝධයක් ගන්නවනං එච්චරයි. මගේ අදහස වැරදියි කියලා හිතෙනවානම් බැන්නත් කමක් නැහැ.

(බූන්දි ලයිව් ගූගල් සමූහයට යොමු කරන ලද අදහස් දැක්වීමකි.)

විමල් දාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails