Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ
කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල
නොතකාම වට අවට ඝණ අඳුර කැලි කසල
පෙම්වත්තු සැරි සරති පටු අඳුරු මග අසල

හැරී ආ පසු බලමි මා පැමිණි පිය හසර
මැකී යයි අතීතය සුදෝ සුදු පෙණ වැළඳ
කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර

අත්ලිහී අත ඇඟිලි දුරස් වී යන අතර
හඬන්නට ආසන්න මලානික මුවමඩල
මට පෙනේ දෙබෑ කොට හඬ නඟන රළ පතර
මැකී යනු නැත කැරලි ගැසූවත් මහ මුහුද

අයිති කරගෙන නැතිදු සදාකල් ඔවුනොවුන
වැළඳ ඉන්නේ නොවෙද අහස හා මහමුහුද
සිතිජයේ තනි ඇඳක කොටු මදුරු දැල් නැතිව
නිදන උන් වටා මුරකරයි නෙත් දස දහස

ප්‍රදීපාගාරයේ කවුළුවෙන් බිම වැටෙන
පාලමකි දේදුන්න ඔබ හිඳින ලෝකයට
එතෙර හෝ මෙතෙර ගැන කිසි හැඟීමක් නැතිව
රැඳෙන්නට වරම් දෙන්නේ කවුද මගියෙකුට

ඔබ ඈත ආකහේ චන්ද්‍ර බිම්බය වෙන්න
හෙමන් හොර රහසේම ඉහ උඩින් පායන්න
දැල්වේවි අප වටා තාරකා සෑහෙන්න
එතකොටම හැමෝටම මතක් වෙයි රෑ වෙන්න

අඳුර නම් අඳුරමය කියා එදවස කීවද
එය එසේ නොවන වග දැනෙයි රැය අභියසට
මට මගේ අඳුර අඳුරක් නොවන බව කියන
ඔබ ඉන්න දැල්වෙමින් අහසේම තරු අතර

[සන්ධ්‍යා තීර්ථය| 2010]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails