Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සොඳුර මතකද?
එදා අප දුටු සඳ අසිරි සිරි
සොමි සඳ කැලුම් හලමින්
පහන් හැඟුමන් වවමින්
දියත කුටියෙහි එල්ලුන

ජීවිතේ දහවල දිනක
අප තුනු හද මස තුලට බැස
නුගි නුරා ගිනි පුලිඟු සැඟවුව
එපමණක් නොව
සුදු කිරණ ඇතිරිල්ල එලලා
මධුසමය මල් යහන සැකසුව

එහෙත් අද දකිත හැක
සෑබෑ සඳ පවත හරියට

බිඳෙන් බිඳ එළි කිරණ සොරා ගෙන
වකෙන් වක කිරන කඳ වඩවනා
අඩ මසක් තුල බොහො අරපරිස්සමට
එහෙත් ඒ එළි කඳ
සැහෙනුයෙ එකම එක රැයකටය

පුර පසලොස්වක එකම දවසකිය මසකට
එයින් පසු ඇරඹේය දියවීම මියයාම
හුලු අතු නිවී යන පරිදි ලෙස නොව
වකෙන් වක වියැකෙමින් මිය යයි
මහත් වෙදනාකාරි ලෙස
හිඳුනු පසු කිරණ කඳ පතුලටම
එකම දවසක් පමණි උරුම ඉසිඹුවකට
අමාවක එක දිනක් පමණිය මසකට
නැවත ඇරඹිය යුතුය
පෙර මෙහෙය මුල සිට

අන් කිරණ කඳකින් යැපෙන
සඳ මහත් අසරණියකිය අද

මඟින් මඟ ජීවිතේ සැප සතුට සොයා ඇවිදින
සොඳුර නුඹද, මමද, සමගම සඳ
එකම පවලම් පොටක ඇමිණී ඇත අද

මොනම දේ පැහැදුවත් අපි අපේ පැටවුන්ට
නොකියා සිටිය යුතුමය සඳ පවත හරියට
මධු සඳ පහස විඳ හිතු හිතූ හැටියට
ඔවුනොවුන් සොයා ගනු ඇත විනිවිද
සෑබෑ සඳ පවත හෙට

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails