Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දැවී උණුසුම් වෙලා මද නල
හමා ගොස් වන පෙතේ සිව් දෙස
ළගදි සිට තුරු පත්‍ර හැකිළුන
මහ ගසක් ළග මඳක් නැවතින

හැලී කොළ මල් මැරී තුරු හිස
හඩන නිරුවත් මහා ගස දෙස
එතී අතු අග නිරාහාරව
සර්ප තෙම සෝ සුසුම් සලමින

ඇලී උදරය ගිලී කෙසඟව
සියොත් කසු කුසු නාද අසමින
දමා ඉවතට උනා ගස මුල
තබා ගොස් ඇත වයස්ගත හැව

බලා තියුණුව දෑස යොමමින
ගොදුරු කල විශ්‍රාම වැටුප ද
නොඑන පාටකි උගේ අසලට
අන්ධ වුන පසු මහලු දෑසම

පෙනී දෙනයන තිබූ කාලෙක
ලැබූ සුව සැප තුලින් මෛථුන
රැදී මතකයෙ හොවා වැලපෙන
තැලී වැහැරුන අංග ජාතය

මැරී ගස යට වැටී යන දින
තවත් ඈතක නොවන බව දැන
නිහඩ දැහැනේ කොනක පැටලී
උගුල්ලපු පෙර දෑස් සිහිකොට

මවා හැගුමන් සිතේ ඉපදුන
තවත් කාලෙක දෑස් විකුමට
මාන බලමින් රැදී ඇත තව
සර්ප තෙම මහ ගසේ අතු අග

මහේෂ් මධුරංග| 12 ශ්‍රේණිය - ජීව විද්‍යා| ශාන්ත තෝමස් විදුහල. ‍මාතලේ.

මහේෂ් මධුරංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails