Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උත්තර සන්තානයක සිත්තර
නුඹ ඇන්ද කව් සිතුවම්
බෝසත් තරුවක් වීය එදවස
ගිනිගත් නුවරුන් වෙතට
පිරිත් පැන් ඉස්ස.....

නෙක කොකුම් - සුවඳ දුම්
කිත් යසස් - රජ මැතින්
ඉඳු සැව් සිය - නොකියාම ගිය
ගිනි මධ්‍යානයේ වුව
කවි සිතුවම ද අඳුරුය....

සූර්යග්‍රහණයක හරි මැද
ගිලානව හොත්ය සකිසඳ !

කුසිනාරා උයනත
සුපුෂ්පිත
සාධූ සල් මලක
සුවඳ අඩු වෙද
ගිලාන වූ පමණටම
මොහොතකට.....?

සිදුහත් හිතක
බුදු සලකුණු පහළ වෙන නිමේෂෙක
හයිලෙවෙල් ගඟබඩ හිඳ
හෙටත් කමටහන් දෙනු මැන
කවි සිතුවම් ලෙස කිවිඳ
සාංසාරික පථයක
සිතේ නැවතුම පිණිසම
සූර්යෝදයේ පාමුලින් හිඳ....!!!

ප්‍රභාත් එම්. අහංගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails