Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කළුවර බිංඳු බිංඳු
යාන්තමට ඉහල දාල
තනියායක් වෙන්න කළුව සමන්නාපු
ලෝකෙ නැති පොත් වලින්
බිත්ති බැඳල වෙන් කරාපු
පුදුම නිහඬ අවකාශය....

කොයි කවුරුත් විද්‍යාර්ථ
ඇවිත් හොයැවිදින අණ්ඩර
බුද්ධියෙ මහ ප‍්‍රකාරයයි
පේ‍්‍රමෙට අපි
අත් පොත් තැබු පොත් ගුල

මාර නිශ්ශබ්ද ඉඩ ටික....

එතැන හිටවාපු කියවන මේසෙ උඩ
හිතින් බඹසර බිඳින පේ‍්‍රමය
කවියක නොතැවරෙන තරමටම ඇවිස්සෙන
නෑඹුල් පේ‍්‍රමය. හිතන්නත් කැමතිම එහෙම

කොච්චරක් නං නොතනිව
තනි පංගලමෙ. අපි අපේ හිත් වලම
දොඩමලු උනා උනත් එකපාරට
ගොඩක් කල් ගොළු තමයි
අපි තාම එකම තැන මෙහෙමම

ඇඟිල්ලෙන් ඇන ඇනා
හෝඩි පොත කියල දෙන කාලෙ වගෙ
තරමටම ලං වෙච්ච.
නැති එහෙම පොඩිකමක්
ඒත් ඇති හුරතලය
හිත් දෙකක ඇස් බැඳිල එක පොතක
එකම පිටුවක එක වෙලාවක
පේළි එක දෙක ගණන් කරනා මිනිත්තුවෙ

කට්ටිය එහෙ මෙහෙ උනොත් හෙම චුට්ටකට....

ලේ ගමන ඇනහිටින තරමටම හිතිවිල්ලෙ
ඇඟිලි තුඩගින් පාරවන ඇඟලි තුඩු
කප්පරක් බර දැනෙන
ඇස් ඉස් මස් කෑ ගහන
තප්පරෙක ඇසිල්ලෙක
පපු ගැබේ කැකෑරෙන
ආලවන්තකම් සේරෝම දිය කරල
සිත්තමක් අඳින්නම්
ඔය තොඳොල් තොල් වල....

ඓතිහාසික මොහොතකිය පේ‍්‍රමෙට
සිත්තමක් වූ පළවෙනිම තොත්තුව.

ඉතිං හිත රතු කරගත්තෙ තරහට ?
රෙගුලාසි පනවන්නෙ කොහොමද
හිතින් බඹසර බිඳින පේ‍්‍රමෙට....

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails