Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකම ඉරක්වත් නැති සුදුම සුදු කැන්වසයක්.
එකම තරුවක්වත් නැති කළුම කළු අහසක්.
එකම පැලයක්වත් නැති දිගම දිග බිම්කඩක්.
මොනතරම් හිස්ද ?

කැමති පැත්තට හැරෙන්නට හැකි - කැමති රුවකට ඇඳෙන්නට හැකි.
කැමති තැනකට පෙනෙන්නට හැකි - කැමති සඳකට නැගෙන්නට හැකි.
කැමති තැනකින් හිඳින්නට හැකි - කැමති ගසකට හැදෙන්නට හැකි.
ඒ හිස්කම, මොනතරම් නිදහස්ද.... ?

නෙක පැහැයෙන් සිත්තම් කර - හැඩට තැනක එල්ලුවාම.
සහස් රටා පිරිවරාන - තාරපතිට රෑ පිදුවම.
මේ ඉඩ ටික මේ පැලයට - බිම්කඩ මිමි ලියැවුණාම.
හිස්කමේ නැතිවීම, මොනතරම් සුන්දරද.... ?


දියවී ගිය ඒ සිතුවම් - සුදු පාටින් වසා දැමුණ,
උල්කාවන් ගිනි ලූ සඳ - සඳ නොමැතිව කළුවී ගිය,
පැල උදුරා ඉවතට ලූ - කෙඳි මුල් තාමත් වද දෙන,

කැන්වසය. අහස. බිම.

මොනතරම් හිස්ද ?

"ඒ හිස්කම සුන්දරයි කියන උඹට පිස්සුද?
නැත්නම් උඹ කියන්නෙ ඇත්තයි කියල අහගෙන ඉන්න මට පිස්සුද?"

අනිල් හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails