Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සැබැයි
මඳකට සිරව තිබු
ජනෙල් දොර කවුළු
විවර වූයේ දැනුයි

කම්පිතය අහසම
උණුසුම්ය සුළඟ
අකුණු සැර වැදෙයි තව
හදවත පතුලටම

වලාකුළු රැළි කැළඹුණු
යළිත් සකසා ගන්න
පලක් නැත තව තවත්
අනෝරා වැසි වැස

ඉතින් දැන්වත් ඇඳගන්න
ඉරෙන්නට තරම් හිරවුවත්
ගැලවී විසිව ගිය සිනාවත

ලබා අවසන්ය අඳුර
හරවා ආපසු ගත නොහැක
ගිලීගිය හිරු මඬල

සියොලඟම දවන මුත්
මුහුණ දෙමු අප දෙදෙනම
හෙට උදයේම පායන
ඒ චණ්ඩ හිරු රැසට

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails