Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තිඹිරිගෙය නිහඬ වෙයි
එසැණින් ලොව ම නවතියි
බිළිඳෙක් ලොවට එයි හඬමින්
ලොව ම යළි ඇරඹෙයි
හඬන බිළිඳු දැක
වෙදැදුරු ද හෙදියෝ ද වින්නඹුව ද
සිනාසෙති

කඳුළු වියැකුණු නෙතින්
විඩාපත් ගතින් යුතු මව
හඬන පුතු දැක
පියා සහ නෑ හිත මිතුරෝ ද
හිරු සඳු තාරකාවෝ ද සිනාසෙති

මව් පිය සෙනෙහසින්
මිහිදියෙන් හිරු එළියෙන්
කලණ මිත් සිසිලසෙන්
ගුරු වැඩිහිටි දහම් දැනුමෙන්
හේ දරුවකු ළමයකු තරුණයකු ව
ජීවිතය උල්පතක් සේ අරඹයි
ලද නුවණැසින් ලොව එකලු කර
මිනිසකු ව මිනිසුන් අතර හිඳ
සෙනෙහසේ දිය පිරි ගඟුලක් ව
උපන් බිම සරු කර
හේ තුටින් ගලා යයි

පා දැරූ පොළොවට
සුවය දුන් ගහ කොළට
නෙක අඳුන් ඇඳි දසුනට
හද පිරූ මිනිසුනට
සිත පුරා හේ තුති පුදන විට
මුළු ලොවම ඔහු හා සිනාසෙයි

ගැලූ ගංගාව වියපත් ව
සයුර තුළ බැස
ගමන නිම කරන දින එළඹෙයි
අඹු දර නෑසිය මිතුරු කැල
සොවින් මුසපත් ව සුසුම් ලන විට
හිරු සඳු ද මිලින ව
ඉකිබිඳියි

මුළු ලොව ම හඬන විට
එක කඳුළු බිඳුවකුදු නොහෙළා
නිහඬ ව නිසල ව උඩුකුරු ව සැතැපී
නොහඬමින් හේ
ලොවින් නික්ම යයි....

වෛද්‍ය ලලිත් විඡේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails