Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ලිපට එහා කවුද ඉකිගසන්නේ?"

"ඒ අල්තීනායි. ඊයෙ බයවුණු ගමන් තවම අඬනවා" යැයි සයිකාල් කීවාය.

"අල්තීනායි? ඈ කොහෙ ඉඳලද ආවේ?" හුන් තැනින් නැගී සිටි දුයිෂෙන් මගේ උරහිසින් අල්ලා, "මොකද අල්තීනායි උඹ අඬන්නේ? මොකද වුණේ?" යැයි ඇසීය.

බිත්තිය දෙසට හැරුණු මම පෙරටත් වඩා වැඩියෙන් හඬ නගා ඇඬුවෙමි.

"ඇයි දරුවා නුඹ ඔයතරම් බය වුණේ? උඹ ලොකු ළමයෙක් නොවැ... මගේ දිහා බලපන්."

දුයිෂෙන්ගේ ගෙල බදාගත් මම, කඳුලෙන් පිරි මගේ මුහුණ ඔහුගේ උරහිස මත තබාගෙන ඉකිබිඳිමින් අඬන්නට වීමි. හැඬීම නවත්වා ගැනීමට මට බැරි විය. මම නිම්හිම් නැති ප්‍රීතියෙන් වෙවුලන්නට වීමි.

"මේ කෙල්ලගේ හදවත කකියන්ට පටන් අරගෙනද දන්නේ නෑ" යි කී කරතන්බායි කලබල වී නැගී සිටියේය. "ඇයි බොල ගෑනියේ ඉක්මනින් මතුරපන්..."

ඔවුහු හැමදෙනාම කලබල වූහ. සයිකාල් මතුරන්නට පටන් ගත්තී වරෙක ඇල් වතුර හා තවත් වරෙක උණු වතුර මගේ මූණට ඉසිමින් මා සමග එක්ව හඬන්නට වූවාය.

මගේ "හදවත කකියන්ට පටන් ගත්තේ" විස්තර කිරීමට බැරි තරම් වූ ප්‍රීතිය නිසා බව ඔවුහු නොදත්හ.

මා සන්සුන් වී නින්දට වැටෙන තුරු මා අසල හිඳගත් දුයිෂෙන් ඔහුගේ සීතල අතින් මගේ නළල පිරිමැද්දේය.

සීත සමය කඳුකරයෙන් පිට විය. නිල්වන් අහස වසන්තයට සැරසිණ. තැනිතලා වසා සිටි හිම කැටි දියෙවෙන්නට පටන් ගත්ති. උණුසුම් සුළං කඳුකරය දක්වා පැතිර ගියේය. වසන්තයේ නැවුම් පුසුඹින් අවට ප්‍රබෝධමත් විය. කිරි දොවන විට නැගෙන හුමාලය මෙන් වසන්තය පැතිර ගියේය. කඳු මුදුන්වල හිම දියවෙන්ට පටන් ගත්තේය. හිම නිසා කැටි ගැසී තිබුණු ගංගා නදී ජලය කෙමෙන් දියවෙමින් ගලා බසින්නට විය. පසුව මිටි තැන් සොයා ගිය ජල කඳ මහත් වෙමින් හඬ නගා ගලා බැස්සේය.

[ගුරු ගීතය]

චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails