Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ බිම පුරා
සිහසුන නිසා
ලේ ම වගුරවමින්
ඔළු ගෙඩි කීයක්
කුඩු කරන්න ඇත්ද
පිළිවෙතින් පෙළ ගැහෙන
සැදැහැවත් උපාසකයෝ

රට පුරා
කොඩි වැල් නගා
සොයන්නට හැකිවේද
දස ලක්ෂයක් මේ බිමට
අහිමි වු දු පුතුන්
කාලෙකදි
බෝ ගසක් ගසක් ගානේ
කදුළු වැපීරූ මව්වරුන්
බුදු වේවිද
මේ ජයන්තියෙදීවත්
ඇණ ගැසු බුදු පුතුන් වෙනුවෙන්

නිදහසේ පටන්
තැන් තැන් වලින්
තම ගමන් සගයන්
ඝාතනය වෙද්දිත්
නිරුත්තරව උන්නේ ම
සමරන්නද ජයන්තිය
මහා ඉහළින්
ලෝකෙන්ම ණය යදිද්දී

මුඩු කල හිස
අත ගා බලව
ඔට්ටුවට ඉලක්කය ගත්
දෙමළ ඔළු ගෙඩිත්
ඔය වගේම වටකුරු නොවන්නේදැයි
සට කපට ඇමතිසේනාව
නිවන් මග වඩම්මන්නට
තව කෙතරම්
ලේ වගුරුවන්නට
ඕනෑදැයි අසා කියනවද
සද වටකුරු වෙන්නට පෙර

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails