Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


නින්දට වැටී යන කවිය වෙනුවෙන් සදර්ශි කුසුම් වර්ෂා රණසිංහ...

ඔබට ඔබේ 10 වන ශ්‍රේණිය මතකද...? සීරියස් ලෝකය ෆැන්ටසි මකනයෙන් කෙළ ගගා මකපු කාලය. ආදරය කරන්න පටන් ගත්ත කාලය. රැවුල කපන්න පටන් ගත්ත කාලය. සිගරට් බොන්න පටන් ගත්තු කාලය. අරක්කු බීලා වමනෙ දාපු කාලය. කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා හොරෙන් Adults only ෆිල්ම් එකක් බලන්ඩ ආස කරපු කාලය. Corex D කියන්නෙ මොකද්ද කියල කොල්ලන්ගෙන් අහපු කාලය. ඉස්කෝලෙ ට්‍රිප් එකේදි වංගු දෙක පහුවෙද්දි සුදු අසු පිටේ නැගල ගිය කාලය. ඒ 10 වන ශ්‍රේණිය ඔබට ත් මට ත් සදර්ශි කුසුම් වර්ශාට ත් පොදු ය. ඒත් ඒ පොදු බව තුළ ඇය යටත් පිරිසෙන් ඔබ්බට යමක් දකින්නී ය. ඇගේ කවිය උපදින්නේ එතැනිණි.

හෙට උදේ නැගිටින්න

අද දවස වැරදුණත් හෙට උදේ නැඟිටින්න අභිමනින්
ජීවිතය ඔබේමයි, එය තවම නික්ම නැත ඔබ කෙරෙන්
අලූත් දවසක් අරන් පාන්දර ඉර එබෙයි පෙරඹරින්
නෙළුම් මල් තුරුළු කොට ගං කොමළි සිනාසෙයි සෙනෙහසින්

හීතලට ගුලි වෙලා ඉරට ආවඩන පොඩි මල් කැකුළු
අහස් මහ කළාලය ඉරාගෙන බිම ඇනෙන වැහි පතුරු
පෙර දිනේ වගේමයි, ඒත් ඊටත් වැඩිය ලස්සනයි
ජීවිතේ ඉරි තලයි..... නිලි වැස්සෙ තෙමී ගොස් පණ ගසයි

පරමලුත් ලස්සනයි, ඒත් ඒවා ඉතින් නිසසලයි
පරණ අසිපත්වලින් කඩමාලූ ජීවිතේ තව ඉරෙයි
ඒ නිසා හෙට උදේ හිනාවෙන ඉර කුසුම සිපගන්න
ගිනියමට වැඩිය කළු කපා එළියේ මූණ ලස්සනයි

සදර්ශි කුසුම් වර්ෂා රණසිංහ
[10 වන ශ්‍රේණිය| මධ්‍ය මහා විද්‍යාලය - මහරගම]

සෞන්දර්යය තවරමින් මානවවාදී තලයකට පිවිසෙන ඇගේ කවියේ ප්‍රගතිශීලී ජීවන චින්තාවක සෙවණැල්ල අපට හමුවෙයි. ඇය ට අනුව අප හෙට උදේ අවදි විය යුත්තේ එබැවිනි.

"අද දවස වැරදුණත් හෙට උදේ නැඟිටින්න අභිමනින්
ජීවිතය ඔබේමයි, එය තවම නික්ම නැත ඔබ කෙරෙන්........."


අභිමානවත් නැගිටීමකට ඇරයුම් කරන සදර්ශී වත්මන් සමස්ත මානව කලාපයේ ම නිද්‍රාව ප්‍රතික්ෂේප කරන්නී ය. ඇය දාඩිය වගුරුවන කලාපයේ පිබිදීම අගය කරන්නී ය. අද දවස වැරදුනත් හෙට දවස නැගිටිය යුත්තේ එබැවිනි. මන්ද ජීවිතය ඔබේය. එය තවමත් ඔබගෙන් නික්මී නැත.

"....................................
ජීවිතය වැරදුනේ මෙතැන විතරක් නෙමෙයි
සූරලා ගෙනියන්න මා හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද....?"


(පරාක්‍රම කොඩිතුවක්කු - දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්)

සදර්ශි මනා ව්‍යුත්පත්ති ගුණයෙන් හෙබි අපූර්ව කවීත්වයක් උකහාගත් සිසුවියකි. පරාක්‍රම මල් නගන වසන්තය ඔබට ගෙනයා හැකිද යන්න ප්‍රශ්න කරද්දී සදර්ශි සපථ කරනුයේ ජීවිතය ඔබේමයි, එය තවම නික්ම නැත ඔබ කෙරෙන් යනුවෙනි. ඇය පරාක්‍රමව අතික්‍රමණය කරනුයේ එලෙසිනි. ඇය ට තව දුරට ත් එය ප්‍රශ්නයක් නොවේ. ඇයට එය ස්ථිර දෙයකි.

"අලූත් දවසක් අරන් පාන්දර ඉර එබෙයි පෙරඹරින්
නෙළුම් මල් තුරුළු කොට ගං කොමළි සිනාසෙයි සෙනෙහසින්......."


මේ මොහොත තුළ දී සදර්ශි ගේ කාව්‍ය ගර්භයේ නිදන් වස්තුව සොයා ගත යුතුව ඇත. ඇයට මේ තුළ ඕනෑම දෙයක් නිධන් කළ හැක. නමුත් ඇය මේ තුළ නිධන් කරනුයේ විමුක්තිකාමී මානව ගුණය යි. එනම් මෙහි යටි පෙළ හුදෙක්ම අරගලකාරී විමුක්තිකාමී ආඛ්‍යානයකි. ඒ මතට කුළුගෙඩි පහර හෙලා පහදා ගත යුතුව ඇත. නැගෙනහිර අහස විළිලන ව්‍යුහගත මානව සංවිධානයක අලුත් බලාපොරොත්තුව ඇය සිහිනුවණින් දකින්නී ය. එය නෙළුම් මල් තුරුළු කරගෙන ගං කොමළී සෙනෙහසින් සිනාසීම දක්වා වූ දිගුවකි. නෙළුම් මඩෙහි ඉපදිය යුතු ය. මඩෙන් මෝදු විය යුතු ය. ගංගාව නමැති ගතික සමාජ දේහයේ එකම සුපුෂ්පිත බලාපොරොත්තුව වූ symbolic නෙළුම මතු විය යුතු ය. එමගින් පංකජ සමාජ යථාර්ථයක් තුළ දී සුපුෂ්පිත බලාපොරොත්තු, හැරවුම් මෝදු වීම් සහ අපේක්ෂා සහගත දෙනෙත් හෙලීම තවමත් සිසුවියක් ලෙසින් පසුවන සදර්ශි මනා සේ කවිය තුළ ප්‍රක්ෂේපණය කරවයි.

"ඔය දෑළ දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද......
කෙකටියා පඳුර සුදු මල්පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක......"


(රත්න ශ්‍රී විජේසිංහ - වස්සානේ)

සදර්ශි සෞන්දර්යාත්මක ආරම්මණයක සිටිමින් ගැඹුර විනිවිදින්නේ අප්‍රමාණ ප්‍රතිභාන්විත අයුරිනි. රත්න ශ්‍රී වැන්නන් තුළින් මතුකරන ගුණයම සදර්ශි තව දුරටත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සමග එකතු කරමින් එක හුස්මට පිඹින්නේ දැඩි විභව ශක්තියක් කුණාටුවක චලන වේගයකට පරිවර්තනය කරමිනි. තවදුරටත් ඔවුන්ගේ පාවා දීම් හමුවේ ගිලිහෙන සුසුම්වලට ජීවය දෙන්නට නොහැකි කල්හි මෑ වැන්නියන් එම ස්ථානවල අරක්ගෙන සිටගැනීම ලාංකීය කවියේ හෙට දවස වෙනුවෙන් සුභදායක ය. මන්ද සදර්ශි කවි ලියන මේ මොහොත විශ්වාස කරන හෙයිනි. ඒ කෙසේදයත් දේශපාලනික මර්මස්ථානයක කලාව හසුරුවද්දී එකී විශ්වාස කිරීමේ අනවරත අරගලයට කොන්දේසි විරිහිතව එකඟ වීමට සිදුවන බැවිනි.

"හීතලට ගුලි වෙලා ඉරට ආවඩන පොඩි මල් කැකුළු
අහස් මහ කළාලය ඉරාගෙන බිම ඇනෙන වැහි පතුරු ....."


එකම ආරම්මණයක් සහිත ව නමුත් ගුලි වී සිටින හුදී ජනයා පිලිබඳව ඇය ඉඟි කරයි. රටක් නාමිකව ප්‍රජාතන්ත්‍රීය වුවද ප්‍රායෝගික නිස්සාරත්වයේ කෲරතර ප්‍රතිඵලයන් විසින් මේ හැමකකින් ම විකර්ෂණය කරමින් මුළු ගන්වයි. ඒ පරිද්දෙන් අහස් මහ කළාලය ඉරාගෙන බිම ඇනෙයි වැහි පතුරු. මෙහිදී සදර්ශි යොදාගන්නා 'අහස් මහ කළාලය' ඉතාමත් අපූර්වතම කාව්‍යෝක්තියකි. කළාලය නම් පැදුර යි. එයට අහස් මහ කළාලය නමැති රූපකාර්ථයක් ලබා දී දක්වන්නේ පැදුර සැමට ම එකසේ බිම එළා හිඳගත හැකිව තිබුණ ද එයද අහසට යෑමේ සංසිද්ධියකි. එනම් නාමික ප්‍රජාතන්ත්‍රවාදය යි. එය ඉරාගෙන වැටෙන්නේ වැසි පතුරු ය. ඇය ප්‍රචන්ඩත්වය සංකේතවත් කරනුයේ එලෙසිනි. එය අපේ මහා කවීන්ට පවා හසු නොවුණු ඉතා විරල ගණයේ රූපකයකි.

ඒත් අවසානයේ ඇගේ බලාපොරොත්තුව දළුලයි.

"ජීවිතේ ඉරි තලයි..... නිලි වැස්සෙ තෙමී ගොස් පණ ගසයි....."

පීඩනයට එරෙහිව පීඩිතයින්ගේ නැගිටීම ඇය විශද කරනුයේ තවත් සුවිශේෂී රූපකාර්ථවලිනි. මේ සමාජය කවදා හෝ පණ ගහයි යන සදර්ශීට ඇති සුභවාදී ආකල්පමය මොහොතට අපි වගකිව යුතු වෙමු. ඉතිං................

"ඒ නිසා හෙට උදේ හිනාවෙන ඉර කුසුම සිපගන්න..."

මැගෙන් කවි කිවිඳියෝ ඥානාවබෝධය ලබත්වා. ඈ තුළ මෝරන කළලයෙන් හෙට දවසේ ප්‍රගතිශීලී සමාජ සත්ත්වයෙකු උපදීවා. මැය ඉතාමත් කලාතුරකින් හමුවන අසහාය ප්‍රතිභාවක් හිමි තැනැත්තියකි. කිසිදු අපුලකින් තොරව අනාගතයට ඔසවා තැබිය හැකි සිසුවියකි. අපි බලා සිටිමු. ඉවසන්න. දත් පේන්නේ තවමත් ටිකයි. කටුපොකුර සිපගනිමු හෙට මලක් වනු පිණිස යන්න වඩාත් යථාර්ථයක් වන්නේ අද රත්න ශ්‍රී ගේ ආස්ථානයට වඩා සදර්ශි කුසුම් වර්ෂා සිටගෙන සිටින මේ රේඛාවට තුළදී ය.

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails