Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෙසක් සඳ පීදුණා බෝඩිම් වැටට ඉහළින්
සේපාලිකා මලක සුවඳත් හරි ගඳයි දැන් මට
රන් තැටියේද ගිනිමය
බුර බුරා ඇවිලෙන සුළුය
පෙරෙන විට ගිනි සැර ජනේලයෙන් ඇඳ මතට
සීතලට ගුලිවෙන්නෙ කොහොමද
කියා දියන් මට..

තවත් උපන් දිනයක් ගෙවෙයි
පිං මහක කාලකණ්ණි ශේෂය සමග
ඔබේ සුබ පැතුමක් ඇවිත්
මහ රෑට අතවනයි මට
ඇහැරෙන්න ලෝබ මුත් සිතට
හීනෙකට කොහිද දිගු ගමන් අවසර

හඬවන්න බැරිකමටය
හැඬෙව්වේ කව් පදමය
උහුලන්න බැරි උරුමය
විඳෙව්වේ තනිවම මාය
අඳුර ඇවිදින් දිනෙක
තට්ටු කළ විට දොරට
සොඳුර නුඹ නැතිවිය
එකෝමත් එක දවසක

කොහේ හෝ දුර ඈතක
නුඹේ කිංකිණි සිනාවක
යටිපෙළ ඉකිය මා මිස
කවුරුනම් හඳුනන්නද

ඉතිං දිවඑන්නට සිත පොරබදන මුත් තාම
දුකින් නවතින්නට වේය නොසිතාම
උහුලන්න බැරි හීන උහුලාපු හින්දාම
නුඹට වැඩියෙන් අදත් අසරණයි මාව

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails