Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මන්ද අදුරට වැද
අන්ධයෙකු සේ
නෙතු අයා හිදිමි
හිස් වේවී
ආයෙමත් පිරෙන
වීදුරුව මත ම
හිත ලෙහා දමමි
අදුරු මුල්ලකටත් පුළුවනි
මොහොතකට අස්වැසිල්ලක් වෙන්න

ජිවිතේ හිස්කම
තනුක කල හැකිද
මදුවිතක් මත පාවෙන
අයිස් කැට වලට
අන්ද මන්ද වු හිතකින්
ඔබේ ලොව නැළවෙන්න
පාරිශුද්ධ සිතුවිලි උතුරයිද
ඇගිලි අතර රැදී
සිගරැට්ටුවකින් පුළුවන්ද
හීන කන්දකට ගිණි තියන්න
අදුරම කොයිතරම් මිහිරිද
කාටවත් නොපෙනෙන්න
කදුලු වගුරන්න හැකි කලෙක

පාළමෙන් උඩ පෙනෙන
තරු එකින් එක ගනිමින්
රැය ගෙවිය හැක
එකම පාටට දැල්වෙන
සංඥා කණුවකට ඇන තියාන
මේ කළුවරේ ත්
හිස් තැන් පුරවන
එකම මගියා මම ද

නපුරු
හීන වලටම
ඇවිත්
තවම
ඇතිවෙලා
නැද්ද
නුඹට

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails