Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කහටගස්දිගිලියේ
මූකලන් බද ගමක
හාමුදුරුවරු නේන
අත් ඇරුණු පන්සලක
තනියෙන්ම සිල් ගත්ත
මහළු ගොවි මවකගෙන්
ඇසුවෙමි දිවි අරුත

කරගැටින් පිරුණු ඇගෙ
දෝතින්ම මගෙ අතක්
ආදරෙන් අත ගගා
"පුතේ උඹෙ අත් තාම
හරිම සියුමැලියි නොවැ...."
කීවේ ඈ ලොඹු කටින්
ළදරු කිරි සිනා පා

ඇසූ විට නැවත මා
ඈ දකින දිවි අරුත

"පුතේ අපි අතු ගාමු
හැඩි වෙච්ච බෝ මළුව...."
දිවි අරුත නොකියාම
ඈ කීවේ නිම නොවන
මුදු ළදරු සිනාවෙන්

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails