Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රිදී කරාමෙන්
යකඩ වතුර බොන
බෙලෙක් පිඟානෙන් දුක සැප වළඳන
කන්තෝරු පරෙයියා
හොටය බිම තබ තබා
අතිකාල දීමනා අසුලනා
පඩි දාට කැරකෙනා

වැහිදාට
කාක් තටුවක් යටින් පැමිණෙනා
සුරුට්ටුව කෙළවරේ
ගිනි පොළිය අවුලනා
කැන්ටිමේ තේ බිබී
දේසපාලන කතා වළඳනා

සාක්කුවෙ
ලයිට් බිල පත්තු වෙයි
ටයි පුඩුව
තයිරොයිඩ් ග්‍රන්ථිය ද හිර කරයි
කෙඩෙත්තුයි
අර්ධ සාධක මුදල
හදවතේ සේප්පුව තුළ තිබෙයි

බදු ගෙවන කැදැල්ලේ
වොට් හැටේ මිණි පහන පත්තු වෙයි
පියාපත් ඇවිත් නැති
පොඩි පැටව්
මළ පොතේ අකුරු මැද
සුණු සහල් ඇට සොයයි

පැටවුනේ කවමදාවත් අපට
රත්තරං පියාපත් හිමි නොවෙයි
ඒ උනත්
හුළං එන දිශාවට විරුද්ධව
පියාසර කරන්නට
මේ කිළිටි පියාපත් හොඳයි

[රුවන් සක්මන- 1989 දෙසැම්බර්]

කුමාර හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails