Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොසොන් සඳ, අත් පටළවාගෙන ළමැදේ
ගතින් ළංවනු නොහෙන අහසක සැතපේ
ඉතින් සමු දෙන්මැයි කියන්න්නද කෙළෙසේ
වසන් කරගමි මාදු ගං දිය දෙනෙතේ

ප්‍රදීපස්ථම්භය මගේ යෞවනයේ
රිදී වෙරළත රැඳී විහිදුව එළියේ
අතීතය මත සටන් ඇවිලෙන කුටියේ
රිදී ඇති හදවත ගිගුම් දෙන සැටියේ

වැදු මවත් මව් බිමත් නොපෙනෙන දෙනෙතේ
කඳු කපා එන අඳුර පමණෙකි දිළුණේ
බිඳුණු අත්තටු සොයන සිහිනයෙ පුතුගේ
බුදුන් බන්ධුන් තටු සළාගෙන ඉගිළේ

කටු ඉපල් මිස රතු පලස් නැති ගමනේ
නටු මිසක මල් නෙතු අතර නෑ රැඳුණේ
ඉටු කළම යුතු යුතුකමක්මද මවුනේ
පිටුවහල් කළ පුතු අතිනින් මඟ හැරුණේ

ඈත සිට ඈතට ඇදී යන අම්මේ
දෑස පියැවී වේදනාවද නිම්මේ
කාගෙ අවසර කුමට, දිව එමි පිම්මේ
ඔබේ අවසර ලබා දෙනු මැන අම්මේ

ඇස් දෙකක් ඇත ඔබ දකින්නට නොහැකී
ඇස් පියා ගෙන, හිතින් දෙණ අස රැඳෙමී
අත් දෙකක් ඇත ඇණ ගසන්න්නට නොහැකී
පස් පිඬක් ඇත අත් දෙකේ මිටි මෙළවී

හිච්චි පුතා
ජීනීවා, ස්විස්ටර්ලන්තය
03 ජූනි 2011

හිච්චි පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails