Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කටුනායක පොලිස් වෙඩිතැබීම ගැන ජනාධිපති පොලිස්පතිගෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි...
(පුවතක්)


බාලේ මෙහෙ වරෙන් කටුවක් ඇත කන්ට
කාලේ බොහොම නපුරුයි බැහැ නිදියන්ට
සීලේ තබමි ඊළඟ පෝයට ගන්ට
වේලේ රහට ඇඟමස වුව ගමි කන්ට

හොල්ලන් කන්න සේවක වැටුපෙන් ගන්න
කොල්ලන් මරා වුව කම් නැත ඉඩ ගන්න
පොල්ලෙන් බැරි උනොත් උන්ඩෙන් වැඩ ගන්න
පල්ලන් බසිනු බෑ ඕනෑ ගොඩ යන්න

වැඩේ වැරදුනොත් බාලේ උඹ ගෙදර
කඩේ යන්න යන්න තනතුරකුත් දෙමි විරල
පදේ හැටියටම නැටුවොත් උඹ සරල
අඩේ ඉතින් උඹටත් අරලිය සිසිල

මීයේ පැණි හිඟයි බැහැ අත ලෙවකන්ඩ
ඊයේ පනත යලි ගෙන එමි ලේ බොන්ඩ
සීයේ කියන තුරු මට රට කරවන්ඩ
ආයේ කතිර යුද්ධෙන් මම දිනවන්ඩ

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails