
දුලන
සඳ පහනක් ය,
පෙර අඹර
තරුවක් ය,
ලොවට නුඹ
දුන් එපුතු !
ගොස නඟා
මහ සයුර
වලප්නේ නුඹට ම ය
ඇස තෙමා
මේ අහස
හෙළන්නේ ලෙහි දුක ය
ලේ වලට වඩා
මේ
උණු කඳුළු ඝනකම ය !
මුව පුරා කියන්නෙමු
අපෙ තාත්තා
නුඹ ය !
සටහන - රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ සෙනෙහෙබර පියතුමා පසුගිය දා අප අතරින් වියෝ විය. මේ කව එතුමා වෙනුවෙනි.
විජය නන්දන පෙරේරා



