Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සකල සිරින් පිරි සිරි ලංකාවේ මීගමු කටුනායක පැත්තේ
වෙළඳ කලාපේ හරි ජරමරයක් පොලිසිය වෙඩි තියලා සත්තේ
දෙතුන් සීයකට තුවාල වෙලාලූ එක දරුවෙක් මියගොස් ඇත්තේ
පැන්ෂන් පණතට විරුද්ධවලූ මේ සටන පටන් අරගෙන ඇත්තේ

ඉල්ලන දේවල් කිසිත් දෙන්නේ නෑ එපා කියන දේ ඇයි දෙන්නේ
අර්ථසාධකේ සූරා කෑමලූ පැන්ෂන් පණතින් සිදුවන්නේ
කලාපටෙ ඇවිත් පස් අවුරුද්දෙන් සොච්චම් දීමක් ලැබ ගන්නේ
එයින් තමා මේ තරුණ දැරිවියන් කණකර ටික හදවා ගන්නේ

අලූත් පණතෙ ලෙස පැන්ෂන් ගන්නට දහ අවුරුද්දක් වැඩ කළ යුතුමයි
අවුරුදු පණහෙන් පැන්ෂන් ගන්නත් පඩිය ලැබෙන්නේ හැට පැනලයි
දහදාහක් පඩි ගත්ත කෙනෙක් හට පැන්ෂන් එක රුපියල් දෙදහයි
මංකොල්ලයකට නීති හදනවා ලෝක බැංකුවේ අණක් තමයි

දහ අවුරුද්දක් වහලූන් වාගේ මැෂින් එක්ක දහදුක් විඳලා
ලූණුයි බතුයි හරි කාලා බෝඩිමේ මදුරුවෝ තලමින් නිදි වරලා
සම් මස් ඇට ලේ නහර සියල්ලම කලාපෙටම දියකර හැරලා
රුපියල් දෙදහක් අරගෙන මොකටද පැන්ෂන් එක ලැබුණයි කියලා

දෙසිය විසිපහක් වැනි ඇමතියෝ රැල පණ රැක ගන්නෙත් අපි හින්දා
පැජරෝ, ප‍්‍රාඩෝ, වෙඩි නොවදින රථ ගන්නේ අපේ ඩා දිය හින්දා
එපා කියන දේ ඇගේ ගහන්නේ මොවුනට ඔල්මාදෙද මන්දා
ලෝක බැංකුවට ‘යර්ස් ’ කියනවා හිතන්ඩ මොළයක් නැති හින්දා

අපි අහලා ඇති පැන්ෂන් පඩිපත සැමියාගෙන් බිරිඳට උරුමයි
රජයේ පැන්ෂන් ක‍්‍රමේට බිරිඳගේ පඩියත් දැන් සැමියට අයිතියි
ඒ හැර අනාථ දරුවන්ටත් මව්පියන්ගේ පැන්ෂන් එක උරුමයි
එහෙම කිසිත් නැති පැන්ෂන් මොකට ද හත් වලාමේ අමු කැවිලා වගෙයි

[උපුටා ගත්තේ- -මීපුර වෙබ් අඩවියෙන්]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails