Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කටුනායක කම්කරු උද්ඝෝෂණය මර්දනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් ට දෙබරුන් අනී" - පුවතක්

මැෂින් මත තබා මල් තලන කම්හලේ
පැතුම් කැකුළු ඉදිකටු තුඩක ඇමිණුනේ
තෙදින් බලින් සිත් තුළ දිරිය මෙළවුණී
වසත් කල ඉතින් නොකියාම පැමිණුනී

තැලෙන පෙළෙන මල් යළි සුවඳවත් උනී
සැළෙන ලෙළෙන පෙති රැස විකසිත කෙරිණී
උනුන හඬින ෆැක්ටරි බිම ගිගුම් දුනී
සිඳිත මඬිත එක ලෙස සුවඳ පැතිරුණී

බැටන් පොලු තලන නිල් කට්රොල් මලිනී
හදින් රුහිරු වැගිරී ගියෙවද ඉතිනී
ළයින් රිදුම් දෙන සෙනෙහස් ගිනි ගලෙනී
කොවින් ඇවිලුණි ද සිත් සතන් දෙබරුනී

නසන විට කුසුම් ගසමින් පොලු මුගුරූ
ඇසෙන හැඬුම් ඉවසිය යුතු ද සොහොයුරූ
ඉගිල විත් සියක් දහසින් හිත මිතුරූ
තියුණු සැතින් රුපු බල සිඳ ලූ දෙබරූ

රොදින් රොද බැඳන් තව මී වද බඳිනූ
මලින් මල කරා ගොස් රොන්සුනු ගෙනෙනූ
තුඩින් තුඩ තබා තුඩු මුවහත් කරනූ
උතුම් තව දිනක් එනතුරු කල් බලනූ...

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails