Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



1939 සැප්තැම්බර් පළමුවැනිදා ‍ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ පළමු ලෝක යුද්ධයේ ආරම්භය යි. ඊට යාන්තම් මසකට කලින්, ඉදිරියේ දී සිදුවීමට නියමිත මේ මහා සංග්‍රාමය වළක්වා ගැනීමේ අරමුණින් මෝහන්දාස් ගාන්ධි විසින් ඇඩොල්ෆ් හිට්ලර් ට සිය පළමු ලිපිය ලියනු ලබයි. කෙසේ වුව ද බ්‍රිතාන්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ලිපිය කිසිදා හිට්ලර් අතට පත් වූයේ නැත.

1939 ජුලි 23 වන දින
වර්ධා හි දී ය.

සේනාධිනායක හිට්ලර්,
බර්ලින්,
ජර්මනිය.

හිතවත් මිතුර,

මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට ලියනා ලෙස මගේ මිතුරෝ මට කියමින් හිඳිති. නමුත් මා එය ප්‍රතික්ෂේප කරමින් සිටියේ මගෙන් ලැබෙන කවර ලිපියක් වුව ද නොහික්මුණුකමක් සේ සලකනු ලැබිය හැකි බැවිනි. නමුත් තව තවත් සිත සිතා නොසිටිය යුතු බවත් දෙනු ලබන වටිනාකම කවරක් වුවත් මගේ අයැදුම ඉදිරිපත් කළ යුතු බවත් මගේ සිත මට කියයි.

අද වන විට, මිනිසත්බව ම්ලේච්ඡත්වය දක්වා පහත හෙළිය හැකි යුද්ධයක් වළක්වා ගත හැකි එකම මිනිසා ඔබ බව ඉතාම පැහැදිළිය. ඔබ විසින් යම් කිසි වටිනාකමක් දී ඇති අරමුණක් වෙනුවෙන් ඒ සා මිළක් ගෙවීම ඔබ කළ යුතු දෙයක් ද?


සැළකිය යුතු සාර්ථකත්වයකින් යුතුව ඉතාමත් ඕනෑකමින් යුද්ධය නම් වූ ක්‍රමවේදයෙන් වැළකී සිටින්නාවූ අයෙකුගේ ආයාචනයට ඔබ සවන් දෙනවා ද? කෙසේ වුවත් ඔබට ලිවීමෙන් මා කරන්නේ වරදක් නම් ඒ පිළිබඳව ක්ෂමාව අපේක්ෂා කරමි.

ඔබේ අවංක මිත්‍ර,

එම්.කේ.ගාන්ධි
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails