
තිස්තුන් දාහයි විදුලිය යට
ජීවිතයේ හීන අග කිමිද
සිරිසඟබෝ හිත හොඳ මල්ලියේ
දෑත් තදකර ගන්න පරිස්සමට
නිමේෂයකදීවත් දෑත පැටලුනොත්
පැටලෙයි ජීවිත ගඟුල ද රූටා
නූල් බෝලයක් වෙයි පැටලුණු ජීවිත
ගෙපැළ ම අඳුරු වෙයි එවිට
පොළොවේ පය ගසලා යසට
ඉන්ට බැරුව උඹ ගියාට
අහස බෝ දුර බව මිතුර
මා දුටුවේ ටික දොහොකට ඉහත
උඹ ගියත් උඩ
මම ගියත් බිම
අපි එක දම් වැලේ
ජීවිතය ළඟ හන්දියේ
දමිත් සඳනුවන් කීර්ති



