
මා පියඹ නෙත් සඟළ නොවේ දිවයුරුට සම
පබළ රත තරම් නැත ඇගේ ලවනතෙහි රත...
ඉදින් හිම සුදු වුවත් ඈ ළමැද පඬු පැහැය..,
මුහුලස ද තත් වැනිය කළු පැහැති සිරස මත
දැක ඇත ද රෝස මල් පැහැය යුතු රතු ද සුදු
එවන් වූ රෝස මල් නොමැති ඈ දෙකොපුල...
ඇතද නෙක විලවුන් ගඳින් කුල්මත් කරන
මා පියඹ සුසුම රැදි දුර්සුවඳ පරදවන...
අසන්නට ලොබ කරමි ඈ වදන් මම තවම
ඇති නමුත් මියැසි බෝ දෙසවනට සුව ගේන...
දැක නොමැත කිසිදිනක සක්මනක් දෙවඟනක
දකිමි මා පියඹ පා නගා බිම යන දසුන...
එහෙත් මා සිතමි මගෙ පෙම දුලබ පෙමක් ලෙද
ඈ සිතන පරිද්දෙන් සදොස් සැසදුමක් මෙන....
[සොනට් 130]
විලියම් ශේක්ස්පියර්
පරිවර්තනය - දමිත් වැලිකල



