Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පිළිගත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව නැගෙමින් හා තීව්‍රවෙමින් පවතින යුධ අපරාධ පිළීබද චෝදනා වග විභාග කිරිමක් හෝ ඒ පිළිබදව එම චෝදනා නගන්නවුන්ට එරෙහිව නිතීමය පියවරක් නොගෙන ඊට විරුද්ධව වීඩියෝ පටයකට වීඩියෝ පටයකින් උත්තර දී ඇත. ඉතා දිර්ඝ කතාවකින් හා පොතක් පිළිගැන්වීමෙන් දැන් ලංකාවට එරෙහිව නැගෙමින් තිබෙන සියලු යුධ අපරාධ චෝදනා අදාල පාර්ශවයන් විසින් ඉල්ලා අස් කර ගනු ලබයි. කිසිදු නිතීමය හෝ ඵල දැරිය හැකි විධිමත් ක්‍රියා පිළිවෙතක් කිසි දිනෙක පැවති කිසි ආණ්ඩුවක් හෝ පවතින රාජපක්ෂවරු නොදන්නා බැවින් හිඟන්නාගේ තුවාලය සේ වවාගෙන කෑම පිණිස පරණ තුවාල වෙනස් සිත් ගන්නා සුළු ආකාරයන්ගෙන් පාරමින් හිඳියි. තීරණාත්මක මොහොතක සිදු වු ක්‍රියාදාමයන් පිළිබඳ වාර්තා වු චැනල් 4 වීඩියෝ පටයට එරෙහිව නිෂ්පාදිත මෙම වීඩියෝවේ විහිළු සහගත කාරණය නම් මෙකී වීඩියෝ පටයේ සිටින වුන් සියලු දෙනාම දැනට ලංකාව තුළ සිංහල ආණ්ඩුවේ ආණ්ඩු මට්ටු කිරීම් යටතේ ජිවිතය ගෙවන අය වීමය. එවැන් පිරිසක් යොදා ගනිමින් තමන්ට නැගෙන යුධ අපරාධ අවලාද වසා ගැනිමට හැකියැයි රාජපක්ෂවරු සිතයි නම් ඒ ලංකාව දුපතක් වීමෙන් හට ගත් මානසික ව්‍යාධියයි.

සාමය හා නීතිය තවමත් හරි හැටි ස්ථාපිතව නැති උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි පවතින්නේ හමුදාමය පාලනයක් බව ස්වාධීන මාධ්‍ය කිහිප විටක් ම වාර්තා කර තිබිණ. ඡන්දය පැවති සමයේ දී ආණ්ඩුව විසින් එවන් යකා නැටීම් බොහෝමයක් මාධ්‍ය මගින් එළිදරව් කරන ලදී . නමුදු රාජපක්ෂවරුනට මග හැරෙන ඇත්ත නම් වෙහෙස වී නිපදවන ලද තම වීඩියෝ පටයේ මේ ඇත්ත නොතිබීම ය. මේ වීඩියෝ පටය උදෙසා තම අදහස් ලබා දෙන සියලු දෙනා හා නරඹන අප දන්නා ඇත්ත නම් අද දවසේ වුව ද (යුද්ධය අවසන් වී වසර දෙකකටත් පසු) සත්‍ය කීම ම සියදිවි නසා ගැන්මක් බවය. එහි නොකියවෙන ඇත්ත නම් පෙරේදා හමුදා පාලනය පවතින ප්‍රදේශයක "උදයන්" පුවත්පතේ වාර්තාකරුවෙකුගේ ඔළු පැලීමයි. එසේත් නැතිනම් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම යි. මේ විඩියෝව හා සමානව විහිළු සහගත උත්තර ලබා දෙමින් සිටින රාජපක්ෂවරුන් හා සගයන් හෝ අද වනතුරුත් ප්‍රගීත් එක්නැලිගොඩට සිදු වු දෙයක් දන්නේ නැත. පෝද්දල ජයන්තට පහර දුන් කෙනෙක් ගැන දන්නේ නැත. මේවා දෙස බලද් දී මානුෂීය මෙහෙයුම කෙසේ වෙන්නට ඇත්දැයි චැනල් 4 නාලිකා විසින් ලංකාවේ සිතන්නට හැකි පිරිස් වලට අලුතින් කියා දිය යුතු නොවේ.

LTTE ය විසින් සිදු කරන ලද ප්‍රහාර ගෙනහැර පානා මෙම වීඩියෝ පටයේ නොකියවෙන්නේ ඇමති කරුණා අම්මාන් ගැනයි. ඔහු විසින් සිදු කළ සංහාර අමතක කරනට ආණ්ඩුවට කෙසේ සිත්වී ද? සිංහල බෞද්ධ ජාතිවාදී රාමුවක සිටින ආණ්ඩුවකට මග හැරෙන්නේ දෙමළාගේ ඇත්ත ප්‍රශ්නයයි. එය වසර ගණනකට පසුත් ලෙයින් හා යකඩින් විනාශ කළ පසුවත් ඇත්තේ එකම උත්තරය බව පැවති ඡන්දයෙන් මනාව පැහැදිළි කෙරිණ. මානුෂීය කතා ජාත්‍යන්තරයට ‍පිරිත් පැන් වල දවටා ගෙන හැර පෑව ද ආණ්ඩුවේ චණ්ඩිකම් නවත්වන්නට කිසිදු සුදානමක් නැති බව පෙනෙන්නේ තමන්ට අවනත නැති සියලු දේශපාලකයින් ඇතුළු විවිධ මත දරන්නන් හට තවමත් එල්ල වෙමින් තිබෙන අමානුෂීය ප්‍රහාර නිසාය. මහා ජනයාගේ මුදල් කාබාසිනියා කරමින් රාජපක්ෂවරුන් තමන්ගේ හිත සුව පිණිසම මෙවැනි විඩියෝ පට නිරිමාණය කළ ද ඇත්ත ඇත්තේ ඔවුනට නොපෙනෙන ඉසව්වක බව දැන් නම් මනාව පැහැදිළිය. බුදුන් තුන්වරක් වැඩිය රටක සිදු වු හා සිදු වෙමින් පවතින මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වගකීමක් දැරීමට හෝ ඒ සිදුවීම් නවතා ගැනීමට අබ මල් රේණුවක දෙයක්වත් නොකරමින් තම ගැලවීම පිණිස ම සොයා ගන්නා ක්‍රමවේද මගින් සිදුවන්නේ ගැටලුව තව තවත් නරක අතට හැරීම ය. මහේන්ද්‍රට මග හැරෙන අවස්ථාව යළිත් කිසිවෙකුට උදා නොවනු ඇත. තම තත්ත්වය පිළිබඳව පමණක් පිඹුරුපත් සකසන රාජපක්ෂවරුන් කිසිදා තම අතිජාත මිත්‍ර ගඩාෆිගෙන් ඉගෙන නොගනු ඇත. අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ හිතුවක්කාරකම් නිසා මුළු රට ම වන්දි ගෙවීම දක්වා තල්ලු වීමය. බාප්පාට පිස්තෝලය දික් කරන පුංචි පුතා හට ඒ පිස්තෝලයම පියාටත් දික් කරන්න සිදුවුවහොත් එය මහා ඛේදවාචකයක් වනු ඇත. එහෙත් දිග හැරෙමින් තිබෙන යථාර්ථය නම් එයම ය.

අරවින්ද පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails