Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කූඩු ගොඩක් එල්ලලා බලං ඉන්නවා බං තවම එක කුරුල්ලෙක්වත් ආවෙ නෑ..."
- ගුරුවරයෙකුගේ නිවසට ගිය විට ඔහු ගසක් පෙන්වා කී ය.

පෝර දමා කරදඬු අතු උස් කෙරුණ
කූඩු රාශියක් හැදුවෙමි ගස මුදුන
බෝම කල් බලා සිටියෙමි කිම කරුණ
තාම පමා වෙද ගෙට ගෙවදින නැකත

පාර බලාගෙන සුරගුරු තරු මියෙන
සේපාලිකා මලට ත් රෑ දොර වැසිණ
මූණ බලා ගෙන සතුටින් කල් ගෙවන
විහඟ හීන අත්පසුරෙන් ගිනි ගැණුන

කෝප වුනොත් රජ මැතිඳුන් වෙඩි තියන
උගත මනා දෙය ඉගිලෙන එක පමණ
සාර සුභාවට ලැගගෙන අතු පතර
කොවුල් බිජු රකින දැයකට ඉඩ හසර

ලදොත් පියාපත් ඉගිලී යයි නියත
හෙටත් හිනාවෙනවලු දිදුලන දියත
කුරුලු හිත්වලට වෙඩි තියනා රටක
කැදලි හිස් නොවෙද පරපුර වඳ බිමක

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails