Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිසල වූ ස්තූපයක් ලෙස නැගුණු
ඕලන්ද මුර පවුර බවුන් වඩනා බඳුය
රැයේ සීතල දෑත් විදාහළ
තුරුලු කරනා විලස අඳුරු මුළු
දිවා කල ඇසුණු දොඩමළු කථා
ඝාණ්ඨා හඬ ද නෙක
මුසොල්මන් යාතිකා

සඳ රැහැන් වතළ එක් පියස්සකි
නිසොල් දෙවොලක් බඳු ව
නිබඳ විවර වූ කවුළු දෙපියන්
කලෙක සිට අගුලු ලා ඇති
මග හසර නොදුටුවෙක්
මෙහි ආ ගිය නමුදු
එගඳ කුටිය ද හිස් ව
සුවඳ සුඟකු ද නැතිය
පෙර කලෙක මෙහි බිනූ
නෙක සුබස් රස බිනුම්
හද රිදුම් ගායනා
මේස තාලම් වැයුම්
රාව නංවනු ඇසේ

ගල් ගැසුණු මහ නුගය
අධිකරණ පර්යන්ත
සෙවනැලි ද හැරපියා
සැවුලු ලකුණින් ලකර
බිහි දෙරෙන් පිට වුනෙමි

වෙරළබඩ තීරයෙහි
තැන තැනෙක ගිනි සිළුය
රුවනාර සොයා යන
අභිමනින් යුතු දනෝ
හිස් කරති මධු විතක්
නිසි මොහොත එනතුරා
තාන බිඳි ගීතයක
ගායනා පෙරදැරිව

රැයෙහි අනුහස් රහස
එළි කරන දිවයුරු ද
පෙරඹරින් දැදිරි වේ
රූමස්සලින් නැගුණු
ලිහිණියක ඈගිරිය
අහස කුස දසත
සරනා මෙන් ය

අපමණ වූ වේදනාවන්ට
ඔසු සුව දෙනා
පියෙන් පිය රැය
නික්ම යනු බඳුය

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails