Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොත් ගොඩක් බරට අත දරාගෙන
මුකුළු කර හිනා වී සතුටින
හෙමි හෙමින් අඩි තියා ඇවිදින
අපේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ
අක්කලාගේ විතර වයසේ
නුඹව මම දුටුවේ අහම්බෙන් කලාපේ අක්කේ

ඒත් නුඹෙ අතේ නෑ පොත් ගොඩක්
වුවනතේ නොමැත මුදු මඳහසක්
විඩාපත් ඇඟිලිවල ඇතැයි නොසිතේය සියුමැලි බවක්

සේදපට අතර හැංගිලා සුදු මලක් වී පිපෙනවද උදේ පිනි අස්සේ
ඒත් ජීවිතේ මල මහන්නට ගිහින් නුඹෙ ඇඟිලි තුඩු රිදේවිද අක්කේ
ආයෙමත් දවසකදි මගතොටක හරි නුඹව හමු වුණොත් කියාපන් අක්කේ
රෝස පෑ දෙතොලතර හිනාවක් මහගන්න මොන පාට නූලක්ද ඕනේ

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
දහය බී ශ්‍රේණිය
මධ්‍ය මහා විද්‍යාලය- මහරගම

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails