Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොලව උසුලන දෙවියනේ
අහස උසුලන දෙවියනේ
මුහුද උසුලන දෙවියනේ
නැගෙන ඉර හද දෙවියනේ

අග්නි අසනිය දෙවියනේ
වැහි වලාහක දෙවියනේ
මේඝ ගර්ජන දෙවියනේ
බලන් මට කල මේ විනේ

පොලව පුපුරා පැලීයන්
අහස ගිනිගෙන දැවියන්
සයුරු කැලඹී පැලීයන්
නැගෙන ඉර හද වැටීයන්

තබන තබන පය ගින්නෙන් දැවීයන්
බදින බදින වැහි අහසේ සිදීයන්
ගහන ගහන හෙන හිස මත වැදීයන්
භවෙන් භවේ ගිනිදැල් මද පැහීයන්
උපන් නුපන් කුමරුන් වත් නැසීයන්
දියෙන් ගොඩින් ගිනි ජාලා මැවීයන්
ලෙඩින් දුකින් සංහතියම පෙලීයන්
නිරන්තරේ බඩසායෙන් මැරීයන්

පොලව පුපුරා අහස පුපුරා දිය දෙබෑ කර වරෙල්ලා
ගල් වලින්, මුහුදින්, ගොඩින්, අහසින්, සැනින් තොපි වරෙල්ලා
මන්ත්‍ර, බන්ධන, අග්නි අසනිය, ලෝ දියත් ගෙන වරෙල්ලා
මන්ත්‍ර, මායා අංජනම් කර මේ රජුට වින කරල්ලා......

හෙන්රි ජයසේනගේ කුවේණි වේදිකා නාටකයෙන්
[කුවේණි ගේ සාපය]


හෙන්රි ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails