Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



“යාළුවෙකුගේ ඡන්ද කැම්පේන් එකකට කැප්ෂන් ටිකක් ලියලා දීපං”
-ෆොටෝ කොපි මැෂින් සෑදීමේ දක්ෂයෙක් වූ අතිජාත පැරණි මිත්‍රයෙක් දුරකථනයෙන්

දෙනෝදහක් ටියුෂන් ගිය රොටරියේ
ලැබුණු ඉඩ තමයි වැසිකිළි බිත්තියේ
එහෙම ලියපු වචනවලට ආදරේ
අත් දෙකෙන් ම අරං ආපු යාළුවේ

සිගරට් බොනවට බැණ බැණ හාමතේ
ප්ලේන්ටියට අරගෙන ආවද සෙනේ
තට්ටමකිං කොනේ ඉඳං දේසනේ
බංකුවට ම උඹේ තමා පාලනේ

කොයි කාගෙත් හිත්වල තිව් සාගතේ
බෙදා හදා ගෙන වැළඳුව යාළුවේ
යෞවනයට තුරුම්පු නැති කණිසමේ
ඕමියක් වගේ ගොළු වුණි මස්සිනේ

සරසවි යන හීන දකින සන්දියේ
තුම්මුල්ලට මෙහා තමයි බැස්සුවේ
ෆොටෝ කොපි මැෂින් තියෙනා හන්දියේ
කාටිරේජ් වගෙයි අපෙත් ජීවිතේ

එකම වරද,
වරදම කොපි කරන එකයි යන්තරේ
'කැප්ෂන්' කුමකට ද තවත් වස්තුවේ

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails